හෝමාගම රෝහල ඉදිරිපිට කලහකාරීව හැසිරුණු දෙදෙනෙකු අත්අඩංගුවට
බීමතින් රතිඤ්ඤා පත්තු කරමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අභියස කලහකාරීව හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (24) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල ත්‍රිරෝද රථ ගාලේ රියදුරකු සහ ඔහුගේ මිතුරෙකු බව පොලීසිය කියයි.
මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රී රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසලට බීමතින් පැමිණ රෝහලේ පාලනාධිකාරියට පරුෂ වචනයෙන් බැණ වදිමින් එහි සේවා කටයුතු වලට බාධා වන අයුරින් කලහකාරීව හැසිරී ඇතැයි පොලිසිය පවසයි.
ඒ අතරතුර සැකකරුවන් දෙදෙනා රතිඤ්ඤා දල්වමින් රෝහලේ ගේට්ටුව අසල මෙසේ කලහකාරි හැසිරී ඇතැයි ද පැවසේ.
මේ පිළිබඳව ලද තොරතුරක් අනුව වහාම පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර ඒ බව දැනගත් එක් සැකකරුවකු ත්‍රීරෝද රථයකින් පලා ගොස් ඇති අතර පසුව ත්‍රීරෝද රථය සහ පළා ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
අත්අඩංගුවට ගත් හෝමාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වති .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

