මැදපෙරදිග සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා තුනකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අද දින අලුයම 12.00 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් ද ,අද දින අලුයම 1.45 ට කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම ඕමානයේ සිට අද දින උදෑසන 7.40 ට ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු රැගෙන මස්කට් සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .
මෙසේ පැමිණි සියලුම ගුවන් මගීන් කොළඹ පෞද්ගලික රෝහල් කීපයක කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

