saravita-anim2

2025 ජුලි මස 12 වන සෙනසුරාදා

2025 ජුලි මස 12 වන සෙනසුරාදා

Latest News - timelapse 7373 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදන කෝටි 6 සීමාව ඉක්මවා යයි

calendar_today 2020 නොවැ 26 - 05:53 remove_red_eye - 149  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,418,000ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

අද (25) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.

Read More

මේ අනුව පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව ආසාදිතයන් 17938ක් වාර්තා වී තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදීමට නියමිත අයි.සී.සී. දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිර්දේශ නාම කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග හා රංගන හේරත් සම්මාන කිහිපයක් වෙනුවෙන් නිර්දේශවී තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 1095ක් දක්වාත් වෛරසය ආසාදනය වූ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ගණන 256 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

Read More

වත්තල ප‍්‍රදේශයෙන් අද දින තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වුන අතර මේ වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 926 දක්වා ඉහල ගොස් ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි යු ඇසින්ඩා මහත්මිය පවසයි.

Read More

හුදෙකලා කර තිබූ බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩුව ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 294ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බීමතින් රතිඤ්ඤා පත්තු කරමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අභියස කලහකාරීව හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (24) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

Read More

තොටගමුව පාලම අසලින් දිය නෑමට ගිය අට හැවිරිදි පිරිමි දරුවකු හා සත් හැවිරිදි දියණියක අද (25 ) පස්වරුවේ දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

මහනුවර නගරයේ සියලුම පාසැල් දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර ඇත.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයේ දැනට පවතින අබලන් වූ බස්රථ 400 ක් ප්‍රතිසංස්කරණය කොට ලබන ජනවාරි පළමුවැනි දින ධාවන බල ඇණියට එක්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Read More

ලංකාවේ පළමු වරට ඩ්‍රෝනා කැමරා තාක්ෂණය යොදාගෙන ගුවනේ සිට කුඹුරු යායකට කාබනික දියර ‍පොහොර ඉසිම පිළිබඳ අත්හදා බැලිමේ වැඩසටහනක් අද (25දා) රත්ගම පන්විලදී සිදුකෙරණි.

Read More

පවතින අධික වර්ෂාව නිසා ඊයේ (24) සවස දෙල්තොට ගෝනංගොඩ පට්ටියගම ප්‍රදේශයේ නිවසක් මතට ඊට ඉහලින් ඇති නිවසක බැම්මක් කඩා වැටීමෙන් දැඩි අලාභහානි සිදුවී ඇත.

Read More

ආණ්ඩුව විසින් වැඩකරන ජනතාවගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා වැඩිකිරීම පිටුපස යටි අරමුණක් සැඟවී තිබෙන බවත් එම යටි අරමුණ වන්නේ, වසරකට විශ්‍රාම යන 100,000 ක පමණ පිරිසකගේ සේවක අර්ථසාධක පාරිතෝෂිකය ලබානොදී එය ආණ්ඩුවේ අයවැය හිඟය පියවාගැනීමට යොදවා ගැනීම බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

පළමු වරට ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් ) හෙට ( 26 ) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා චීන රජයේ නව ශ්‍රී ලංකා තානාපති කී ෂෙන්හොන් මහතා අතර විශේෂ හමුවක් අද (25දා) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

කොවිඩ් 19 ආසාධිතයෙක් බව ඉකුත් 23 වනදා පී.සී.ආර්. වාර්තාවකින් තහවුරු වූ පස්සර කනවරැල්ලවත්තේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයාගේ 73 වියැති මව, 41 වියැති බිරිඳ, 20 සහ 21 වියේ පසුවන පුතුන් දෙදෙනෙක් 18 වියැති දියණිය 38 වැනි වියේ පසුවන නෑනා (සහෝදරයාගේ බිරිද ) යන 6 දෙනා ද කොවිඩ් 19 ආසාදිතයන් බවට අද (25දා) හඳුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

බේරුවල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයකු වීම හේතුවෙන් රෝග ආවේක්ෂණ කටයුතු සඳහා ආශ්‍රිතයන් හඳුනාගෙන එම මන්ත්‍රීවරයා ඇසුරු කළ සමීප ආශ්‍රිතයන් 200 කගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ අද (25) දර්ගානගරයේ දී සිදුකළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 465 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.​ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 14,961 ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.

Read More

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 246ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස ඊයේ (24දා) යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

Read More

2020.11.18 වන දින මහනුවර දිස්ත්‍රික්කයේ අලුත්වත්ත, අඹකොටේ, දිගන, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවලට වාර්තා වූ භූ කම්පනයට අදාළ වාර්තාව එම විද්වත් කමිටුව විසින් පරිසර අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

Read More

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඔ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවත් අහසට දූවිලි එක් වීම වැනි කාරණා රටටම බලපාන බැවින් මෙවැනි වැදගත් පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරීය සම්බන්ධ වීම ඉතා වැදගත් බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.

Read More

කාන්තා නිලධාරිනියකට පහරදුන් උඩුගම්පොල මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ ඉංජිනේරුවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදිමට පැමිණ තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් හමු වීම හේතුවෙන් මේ වන විට සංචරණ සීමා පනවා ඇති අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන වසම් දෙක තුල ජිවත් වන ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු බන්ධනාගාරයේ සිරමැදිරියක වහලයක් මතට නැඟ ආරම්භ කළ විරෝධතාව තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.