හොර නීතිඥයා අත්අඩංගුවට
ජනපති නීතිඥයෙක් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ජනතාවගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බොරැල්ල පොලීසිය මගින්, බේස්ලයින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචි 38 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විවිධ ප්‍රදේශවලට ගොස් තමන් ජනපති නීතිඥයෙක් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස සඳහන් කර ඉඩම්, නිවාස, රැකියා ලබාදෙන බවසමින් ජනතාවගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
-
Samson de silva Saturday, 03 April 2021 07:53 AM
Wahaama nama prasiddha karanna. Hora lawyerge mul nama Namalda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

