ජොන්සන් එන්නතට බ්‍රසීලය තුළ හදිසි භාවිත අනුමැතියක්
බ්‍රසීලයේ සෞඛ්‍ය නියාමන ඒජන්සිය විසින් හදිසි භාවිතය සඳහා තනි මාත්‍රාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නත සඳහා අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව මෙම වසරේ අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලය තුළ එන්නත් මාත්‍රාව මිලියන 38ක් මිලදී ගැනීම සඳහා බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජොන්සන් සහ ජොන්සන් සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද සමග බ්‍රසීලය මේ වනවිට අවම වශයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කිරීමට අවසර දී ඇති අතර අනෙක් ඒවා ෆයිසර්-බයෝටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ කොරෝනාවැක් ය.
එමෙන්ම රුසියාව (ස්පුට්නික් වී), ඉන්දියාව (කොවැක්සින්) සහ එක්සත් ජනපදය (මොඩෙර්නා) වෙතින් කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බව බ්‍රසීලය පසුගිය සති කිහිපය තුළ නිවේදනය කළේය. කෙසේ වෙතත්, රසායනාගාරයේ හොඳ නිෂ්පාදන පිළිවෙත් හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු හේතුවෙන් එරට සෞඛ්‍ය නියාමන ඒජන්සිය ඉන්දියාවේ කොවැක්සින් ප්‍රතික්ෂේප කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

