රැකියා සදහා ඕමානයට ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු ඊයේ දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මොවුන් මේ ආකාරයට රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගනු ලබන වැඩසටහන යටතේ මෙසේ ගෙන්වා ගෙන තිබේ .
මෙම ශ්‍රී ලාංකිකයන් ඕමානයේ මස්කට් සිට අද දින සවස 5.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන විශේෂ ගුවන් යානයෙන් 130 දෙනෙකු ද , එදිනම රාත්‍රී 6.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1512 දරන විශේෂ ගුවන් යානයෙන් 118 දෙනෙකු ද වශයෙන් 248 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙසේ ගෙන්වා ගත් පිරිස අතර වැඩි පිරිසක් ඕමානයේ ගෘහ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් සිටියහ .
ඔවුන් මෙසේ ගුවන් තොටුපළ වෙත පැමිණි පසු නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි .