saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 7404 hours ago

LATEST

දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,500 ඉක්මවයි

calendar_today 2021 ජන 29 - 07:46 remove_red_eye - 493  

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (28) වාර්තා වූ නව ආසාදිතයින් 48දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,502දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

දකුණු කොරියාවේ ලබන මාසයේ සිට ආරම්භ වන කොවිඩ්-19 එන්නත් ලබා ගන්නා මුල්ම කණ්ඩායම ඉදිරි පෙළ වෘත්තිකයන් වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Read More

චීනයේ සීනොෆාම් වෙතින් පළමු එන්නත් තොගය ලබා ගැනීමෙන් දිනකට පසු මොරොක්කෝව ඊයේ (28දා) රටපුරා කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

Read More

පසුගිය ජූලි මාසයේදී නීතිවිරෝධී උද්ඝෝෂණයක කොටසක් ලෙස උසාවිය ඉදිරියේ ජාතික ධජය උඩු යටිකරු කර, එහි විවිධ සටන් පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් ඔහු සිදුකළ හැසිරීමට මෙම දඬුවම හිමිවී ඇත.

Read More

චිලිය විසින් කොවිඩ්-19 එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහාද ව්‍යාප්ත කරන බවත්, දෙවැනි කාණ්ඩයේ මාත්‍රාවන් මිලියන 2ක් මෙම සතිය අවසානයේදී පැමිණෙන බවත් පිනෙරා පැවසීය.

Read More

අප්‍රිකානු නගරවල නව මැලේරියා මදුරුවෙකු බිහි වෙමින් පවතින අතර, මේ හේතුවෙන් එම කලාපයේ වෙසෙන අයට විනාශකාරී ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

Read More

ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, රටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය අධිකාරිය වන ජර්මනියේ රොබට් කොච් ආයතනයේ (RKI) එන්නත් පිළිබඳ ස්ථාවර කමිටුව (STIKO) මෙම වයස් කාණ්ඩය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද එන්නතෙහි ඵලදායීතාව පිළිබඳ ප්‍රමාණවත් දත්ත නොමැති බව සොයාගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 101,370,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයන් තවත් 501ක් අද දිනයේදී වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 852කි. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 57630ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු වෙනුවෙන් ලබන 30 වනදා සිට පෙබරවාරි මස 4 වනදා දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.

Read More

රුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් ටෙට්ට්‍රා හයිඩ්‍රෝ කැනබිනෝල් නොහොත් හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මහරගම, ඇරැව්වල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 351 දෙනෙකු අද හඳුනාගෙන ඇත.

Read More

මුල්ලියාවේදි ප්‍රදේශයේදී අද (28දා) උසාවි නියෝගයක් අනුව සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී භාවිතයට නුසුදුසු කාලතුවක්කු පතොරම් තොගයක් සොයා ගැනීමට යුද හමුදාව කටයුතු කර තිබේ.

Read More

අලුත්ගම පොලිසියේ කෝවිඩ් 19 පැතිරයාම වැළැක්වීම ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ දර්ගා නගරය මිහිරිපැන්න ප්‍රදේශයේ පුද්ගලයන් 100 දෙනෙකු වෙනුවෙන් සිදුකළ පි .සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 29 දෙනෙකු වාර්තා වී ඇතැයි පොලිසිය අද (28) පැවසීය .

Read More

මීටියාගොඩ ඉන්ධන පිරවුම් පොළ අසලදි තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කළ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන අද (28 ) පස්වරුවේ බලපිටිය අධීකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හතරදෙනා පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර මහතා නියෝග කළේය.

Read More

සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටිමින් මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙකුට පරුෂ වචනයෙන් බැන වැදුණු සහකාර රේගු අධිකාරීවරයෙකු ඊයේ (27දා)රාත්‍රී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

Read More

කොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුව අතට පත්වෙමින් සිටින බව ඇයගේ වෙද්‍යවරු පවසති.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා 2021 වසර සඳහා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Read More

කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද (28 )සුවය ලබා බේරුවල සිය නිවස වෙත පැමිණ තිබේ.

Read More

තවත් රෝගීන් 1,869 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

මේ වසරේදී ඩොලර් මිලියන 7,000 ක විදේශ ණය ගෙවීමට හැකියාවක් ඇති බවත් ණය ගෙවීමට හෝ ණය ලබාගැනීමට ලංකාවට දැන් හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

රාජ්‍ය බැංකුවක කුරුවිට පිහිටි ශාඛාවක කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම බැංකු ශාඛාව දින 14ට වසාදැමීමට දැනුම්දුන් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද(28) පැවසීය.

Read More

එන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.

Read More

සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු වෙනත් අංශවල කොව්ඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29 තෙක් ඉහළ ගොස් තිබේ .

Read More

එළවළු පලතුරු ඇතුළු ගොවි නිෂ්පාදන තොග ද්‍රව්‍ය ලොරිවලින් ප්‍රවාහනය කිරීමේදී විශාල නාස්තියක් සිදු වෙන බවත් එම ගොවි නිෂ්පාදන ප්‍රවාහනය දුම්රිය මගින් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා විශේෂ දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

වව්නියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර් ශන ඒකකයේ රඳවා සිටින ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 19 දෙනාගෙන් 17 දෙනෙකුටම කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

පාදුක්ක බෝපෙ දෙගන් තිලක මාවතේ නිවසක් ඉදිරිපිට දී 32 හැවිරිදි පුද්ගලයෙකුට 68 හැවිරිදි පුද්ගලයකු ඊයේ 27 රාත්‍රී පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.

Read More

දිනෙන් දින උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳා දෙන ලෙස ඉල්ලා යාපනයේ ධීවරයින් විසින් විරෝධතා පාගමනක් ඊයේ (27) දින සංවිධානය කොට තිබුණි.

Read More

නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ඉදිරි කටයුතු කඩිනමින් සිදුකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.