නැව් සමාගමෙන් වන්දි ගන්නවා
කොළඹට ආසන්න මුහුදේ ගිනිගනිමින් තිබෙන නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති රසායනික ඇතුලු වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් සිදුව ඇති පාරිසරික හානිය සඳහා අදාළ නැව් සමාගමෙන් වන්දි ලබා ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් වහා පාරිසරික හානි ඇස්තමේන්තුවක් සකස් කරන ලෙස තමන් මධ්‍යම පරිසර අධිකාරිය ට උපදෙස් දී ඇති බවයි.
සිදුව ඇති පරිසර හානිය සොයා බැලීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා හා ලසන්ත අලගියවන්න යන මහත්වරු සමග අද (27දා) පෙරවරුවේ සරුක්කුව ප්‍රදේශයට යෑමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ය .
හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය වලින් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවයි.

popular news
-
kapila Thursday, 27 May 2021 06:58 PM
වන්දි ගන්න ඉස්සරවෙලා වරායවල් දෙකක් බාරගන්න බෑ කියපු නැවක් ගෙන්නගත්ත නෙකා හොයල උගෙන් මේ වන්දිය ගන්න. රට කන නිලධාරීන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

