වැලිගම සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ කණ්ඩායම් හතරක් යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වූට්ර් මහතා පැවැසීය.
උඩරට දුම්රිය මාර්ගයේ පවතින අවහිරතාව හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු ගමන් වාර 05 ක් අවලංගු කර තිබේ.
Read Moreමීට වසර හතරකට පමණ පෙර කෙහෙල්බද්ද පද්මේ නැමැත්තා තමන්ට ඩුබායිහිදී දැක ඇති බවත් ඔහු ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා සමග පැමිණ තමන් සමග ඡායාරූප ගත් බවත් නිරූපණ ශිල්පි පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.
Read Moreවැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ’මිදිගම ලසා’ ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව, මාධ්‍ය හමුවක් කැඳවමින්, ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම රජය විසින් භාරගත යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා සිටියි.
Read Moreආර්ථිකය ශක්තිමත් වීම මත වාහන බදු සංශෝධනයක් ගැන අවධානය යොමු කළ හැකි බවත් මේ අවස්ථාවේදි වාහන බදු සංශෝධනයක් ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Read Moreමත්ද්‍රව්‍ය ලබා ගන්නා අයගෙන් බහුතරයක් සිංහල බෞද්ධ ලමයි. ඒ නිසා මට වුවමනාවක් තිබුණා බන්ධනාගාරයෙන් එලියට ඇවිල්ලා මහජනතාව මේ පිළිබඳව දැනුවත් කරන්න. පාසල් දරුවන් තමා රටක අනාගතය ඔබ හරියට හැදුනොත් රට හැදෙයි නැත්නම් රට විනාශ වෙයි. ඒ නිසයි නොයා යුතු තැන කියන සංකල්පය මත මේ දේශන මාලාව මා සිදු කරන්නේ
Read More2026 වෙනුවෙන් පාසල් සිසුන් 729393කට පාහවන් තිළිණ පත් 2026 වසර සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවැදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වව්චර්පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කර තිබේ.්
Read Moreනුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක් ගෙන ඒවායේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස් කිරීමට පියවර ගන්නා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
Read Moreබගවන්තලාව පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් ගාමිණි රාජපක්ෂ (84548) මහතා විසින් දීපවලී උත්සවය නිමි වී (22) පාසලට පැමිණි ළමුන් පිරිසකට ඔහුගේ පුද්ගලික මුදල් වලින් පොත් ලබා දෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreඅද (22)පෙරවරුවේ වෙඩි තැබීමකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තා මියගොස් තිබේ
Read Moreඅධිකරණයේ විභාග වන නඩු, ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත නඩු, තහවුරු නොකරන ලද විමර්ශන තත්ත්වයෙන් පවතින කටයුතු වලට අදාළ ඡායාරූ, වීඩියෝ හෝ සංස්කරණය නොකරණ ලද දර්ශන හා AI තාක්ෂණය හරහා සංස්කරණය කරන ලද හෝ නොකරන ලදව විවිධ මාධ්‍ය හරහා සංසරණය වන දෑ සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreනොවැම්බර් 7 සිට 9 දක්වා පැවැත්වෙන හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියට ඒක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායක්තවයට ළහිර මධුශංක නම්කර තිබේ. ඒම තරගාවලියේ වත්මන් ශූරයන් වන්නේ ශ්‍රී ලංකාවයි. තරඟාවලිය ටින් ක්වොන්ග් පාරේ විනෝද ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Read Moreආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ.
Read More2025 සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මගින් සංවිධානය කරනු ලබන “පළිඟු රෑන” වේදිකා නාට්‍යය 2025.10.23 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) ප. ව 6.30 ට වේදිකා ගතවීමට නියමිතව ඇත.
Read Moreශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමරදාන පොලිස් වසමේ බේරේ වැවේ පුද්ගල මෘත ශරීරයක් පාවෙමින් ඇති බවට ලද තොරතුරක් මත මරදාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreසංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් බෝට්ටුවක් ආධාරයෙන් පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු 2025.10.20 වන දින කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී හා තිහාරිය, ඕගොඩපල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඉහළ කෝට්ටේ දුම්රිය මාර්ගයේදී මහනුවර කොළඹ නගරාන්තර සීඝ්‍රග්‍රාමී දුම්රිය පීලි පැනීම සහ දුම්රිය මාර්ගය නයාම හේතුවෙන් දින තුනක කාලයකට උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 42 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ආයොජනයන් සඳහා ලබා ගන්නා ලද විදේශ වාණිජ ණය ඇතුලුව ඇ.ඩො.මිලියන 827 දක්වා ලඟා වූ අතර එය 2024 අනුරූප කාලපරිච්ඡේදය හා සසඳන විට කැපී පෙනෙන සියයට 138 ක වැඩිවීමක් සනිටුහන් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) නිවේදනය කළේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කල නඩුවකට පෙනී නොසිටි විවෘත වරෙන්තු නිකුත් කර ඇති වරෙන්තුකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් නිළධාරියෙකු විසින් අල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා පොලිසිය වෙත රැගෙන විත් ඇත.
Read Moreමෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් ලෙස කැපවී කටයුතු කළ යුතු බවත්, රටේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය ඒ මත රඳා පවතින බවත් ප්‍රකාශ කරමින්, රජයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව මෙම ආයතන ඉදිරියට ගෙන යා යුතු බවද අවධාරණය කළේය.
Read Moreශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ , ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 22/23 කණ්ඩායමේ සිසුන් නේවාසික පහසුකම් නොමැතිව අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ.
Read Moreඋපකරණ ලබාදිම යටතේ ගාල්ල ප්‍රා දේශිය කාර්යාලය වෙත රුපියල් දෙලක්ෂ තිස්හයදහසක් (2.36000) ක් වටිනා ( Lobby Chair) පුටු දෙකක් ලබා දි තිබු අතර එම පුටු මාස හතරක් ගතවිමටද මත්තෙන් මළකඩ බැදි ඌන උපයෝජිතව පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම අවශ්‍යතාවය හදුනාගැනිමකින් තොරව සපයා තිබු (Web Cam) වෙබ් කැම් උපකරණ සහ 2TB දෘඩ තැටිය ප්‍ර යෝජනයට ගෙන නොතිබුණි.
Read Moreරුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සරසවියේ සීසුන් 21 දෙනා ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (21) නියෝග කලේය.
Read Moreපසුගිය ජනාධිතිවරණය පැවති 2024 සැප්තෑම්බර් අග රු.බි. 28,574.65 ක් වූ ‘මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය’ 2025 ජූනි අවසානය දක්වා වූ මාස 9 ක කාලය තුල රු. බි. 29,634.78 දක්වා එනම්, රු.බි. 1,060.13 කින් ඉහළ ගොස් ඇත.
Read Moreමහනුවර ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගර සභා බල සීමාවේ අස්ගිරිය දොඩම්වල පටු මාර්ගයේ විශාල කොටසක් ගිලා බැස තිබේ.
Read Moreඋඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කොට තිබේ.
Read Moreඇල්ල වැල්ලවාය මාර්ගයේදී හමුවන රාවණා ඇල්ල ප්‍රදේශයට ඇද හැලෙන මහ වැස්සත් සමඟ දිය ඇල්ල සැඩවී ඇත. මීටර් 25 පමණ උස කිරිඳි ඔයෙන් ආරම්භ වන රාවණා ඇල්ලේ ජල පෝෂිත ප්‍රදේශවල වන ඇල්ල කඳුවැටියට මේ දිනවල ඇදහැලෙන මහ වැස්සත් සමඟ රාවණා ඇල්ලට ලැබෙන ජලය වැඩිවී දිය ඇල්ල ගසා බසී.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාය ගිය හා දුම්රිය මාර්ගය සෝදා ගිය ස්ථාන තවමත්ෙ යථාවත් කිරීමට නොහැකිව තිබේ. එම ප්‍රදේශයට මේ වන විටත් දැඩි වර්ෂාවක් පවතිත වෙමින් පැවැතීම මේ සඳහා හේතුවෙ වෙයි.
Read Moreඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට මන්ත්‍රීවරයන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී, 2025 ඔක්තෝබර් 22 දින, එනම් හෙට දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read More