ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලම ආසන්නයේ ගිං ගඟේ පාවෙමින් තිබූ නාඳුනන අයෙකුගේ මළ සිරුරක් ඊයේ (23) පස්වරුවේදී සොයා ගත්බැව් පෝද්දල පොලිසිය පවසයි.
ගිං ගඟේ පාවෙමින් තිබූ මෙම නාඳුනන පුද්ගලයාගේ මළ සිරුර පෝද්දල පොලිසියේ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව ගොඩට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ මුහුණ විකෘති වී ඇති අතර මොහුගේ දෑත් පිටුපසට තබා ගැට ගසා තිබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම පුද්ගලයාගේ පාද එකට තබා කොන්ක්රීට් කණුවක ගැටගසා තිබී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයාගේ මළසිරුර මෘතදේහය මහේස්ත්රාත් පරීක්ෂණය සිදු කරන තෙක් වක්වැල්ල පාලම ආසන්නයේ ආරක්ෂිතව තබා ඇත.පෝද්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
