රෙදිපිළි, පූජා භාණ්ඩ අලෙවිසැලක් තුළ කසිප්පු පෙරූ වෙළඳසැල් හිමිකරු අල්ලයි
එප්පාවල නගරය මධ්‍යයේ පිහිටි රෙදිපිළි, පූජා භාණ්ඩ සහ CD/VCD අලෙවිසැලක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස නීති විරෝධී මත්පැන් (කසිප්පු) නිෂ්පාදනය කරමින් සිටි වෙළඳසැල් හිමිකරු අද (23) පස්වරුවේ එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එප්පාවල නගර මධ්‍යයේ රෙදිපිළි, සෙල්ලම්බඩු, අටපිරිකර ඇතුළු පූජා භාණ්ඩ අලෙවි කරන මෙන්ම, පෙන් ඩ්‍රයිව් (Pen Drives) වලට බණ පිරිත් සහ සින්දු දමා දීම සිදු කරනු ලබන ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකි.
අදාළ වෙළඳසැල වෙත නිතරම මහා සංඝරත්නය මෙන්ම තරුණ පිරිස්ද පාරිභෝගිකයන් ලෙස පැමිණ ඇති අතර, සැකකරු එම ආගමික වටපිටාවට හා රෙදි පිළි අලෙවියට මුවා වී වෙළඳසැලේ පිටුපස කොටසක දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරයි. වැටලීම සිදු කරන අවස්ථාවේදීද සැකකරු වෙළඳසැල තුළ නීති විරෝධී මත්පැන් සකස් කරමින් සිට ඇති බව වාර්තා වේ.
නීති විරෝධී මත්පැන් (කසිප්පු) මිලි ලීටර 23,250ක් (බෝතල් 31ක්) අඩංගු බූලියක් මත්පැන් පෙරීම සඳහා භාවිත කරන උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
