භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් පැය 48ක් රදවාගෙන ප්රශ්න කරයි
නුවරඑලිය සංචාරක නිකේතනයදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිම සහ ඝාතනය කිරිමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකරිය (25) දින නුවරඑලිය පොලිිසය විසින් නුවරඑළිය මහේස්ත්රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව නුවරඑලිය පොලිසිය විසින් සැකකරුවන් පැය 48ක් රදවාගෙන ප්රශ්න කිරිමට කල ඉල්ලීමක් මත මහේස්ත්රාත්වරිය විසින් එම සැකකරුවන් පැය 48ක් රදවාගෙන ප්රශ්න කිරිමට නියෝග කරනු ලැබීය.
මෙසේ නුවරඑලිය පොලිසියේ රදවාගෙන ප්රශ්න කිරිමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්රීයාන් ජයසුන්දර, සැකකරුගේ බිරිද වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක නැමති 35 හැවිරිදි සැකකාරිය සහ ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්රාදේශීය සභාවේ රියදුරු 49 හැවිරිදි වන ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ යන අයයි.
ප්රධාන සැකකරු සහ සැකකරුගේ බිරිද, දරුවා වැල්ල වත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනේ කයිතඩි ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවල නුවරඑලිය පොලිසිය වෙත (24) දින භාර දෙනු ලැබූහ.
ඝාතනය සහයෝගය දැක්වු කුණඩසාලේ ප්රාදේශීය සභාවේ රියදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම ඝාතනයට අනුබල දුන් ආරක්ෂක අංශ නිළධාරියෙකු අත්අඩංගුවට ගැනීම සදහා නුවරඑලිය පොලිසියෙන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
