saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7367 hours ago

LATEST

නැගෙනහිර සහ ඌව පළාත් වලට අද මද වැසි

calendar_today 2021 පෙබ 12 - 08:00 remove_red_eye - 161  

අද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල ස්වල්පයක් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එරට ජනගහනයෙන් අතිමහත් බහුතරයකට ප්‍රතිශක්තිකරණය ලබාදීමට නිලධාරීන් අපේක්ෂා කරන බැවින් ෆයිසර් සහ මොඩෙර්නා වෙතින් තවත් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 200ක් ලබාගැනීමට එකඟතාවකට පැමිණ ඇති බව කියයි.

Read More

මෙක්සිකෝව තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි කැන්සිනෝ එන්නත් මාත්‍රා මිලියන 2ක් සකස් කිරීම සඳහා වූ සක්‍රීයඅ මුද්‍රව්‍ය තොගයක් චීනය විසින් නැව්ගත කිරීම මෙක්සිකෝව සාදරයෙන් පිළිගෙන තිබේ.

Read More

සත්‍යයෙන් තොරව හා පක්ෂපාතීව, චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට දැඩිව පහර ගසමින් කටයුතු කිරීමත්, චීනය ආශ්‍රිත වාර්තාවලදී බරපතළ ලෙස රෙගුලාසි උල්ලංඝනය කිරීමත් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකළ බව එරට නියාමකයා කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 107,742,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 403ක් වාර්තා වී තිබේ. මොවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කන්දකුලිය සිවිල් ආරක්ෂක පුහුණු කඳවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වූ ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් 35 දෙනාට කොවිඩ් ආසාදිත නොවුණ බවට තහවුරු වී තිබේ. ඔවුන් ඊයේ දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී තිබේ.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 56 වැනි වියේ පසුවිනි.

Read More

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379කි.

Read More

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.

Read More

රුපියල් මිලියන 420ක් වැය කරමින් නව පරිශ්‍රයක නවීන පහසුකම් සහිතව ස්ථාපිත කළ ආණමඩුව කාර්මික විද්‍යාලය හා නව ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අද දින පස්වරුවේ සිසු අයිතියට පත් විය.

Read More

අද (11) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 536 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද (11) වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 2069 ක් වාර්තා වි ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.

Read More

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බවත් ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කොප් කමිටු රැස්වීමේදී අණාවරණය විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.

Read More

ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එහි ධාරිතාව වැඩිකොට වඩාත් ශක්තිමත් කරනු පිණිස කොමිෂන් සභාවක් බවට පත් කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (10දා) නිර්දේශ කළේය.

Read More

ජා-ඇල ප්‍රදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 66,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ගම්පහ පොදු වෙළඳ පොල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් හමුවීම මත අද (11) දිනයේදී එම නගරයේ පුද්ගලයින් 1258 දෙනෙකු පී. සී .ආර් පරීක්ෂණයට භාජනය කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

Read More

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ විමර්ශන පැමිණිල්ල ලබන මස 18 වැනිදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.

Read More

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන සැප්තැම්බර් 06 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කළේය.

Read More

උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ඉල්ලා ඉරණතිවු මුහුදු කූඩැල්ලන් වගා කරුවන්ගේ සංගමයෙන් පිරිසක් 2021.02.09 දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ යාපනයේ පිහිටි සම්බන්ධීකරණ කාර්යයාලයේදි හමු වී සාකච්ඡා කළහ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රිගේ ප්‍රධානත්වයෙන් සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම සඳහා වන වැඩපිළිවෙල අධිකරණ අමාත්‍යාංශය, අධිකරණසේවා කොමිෂන්සභාව, තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව ආරම්භ කරන ලදී.

Read More

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කර සිටි පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් යළි එම කටයුතුවලට අනුයුක්ත කර තිබේ.

Read More

වාර්තාවෙන් පස්සේ රජය මොනවද කරන්නේ කියලා බලන්න ඕන. එහෙම නොවුණොත් අපි ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා පිටරටවල. ඒ සංවිධානවල සහාය අපි බලාපොරොත්තුවෙනවා අපිට සාධාරණයක් ඉටුකර ගන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලද නැත්ද කියලා මට සෑහීමට පත්වෙන්න බෑ. එක කරුණක් සම්බන්ධයෙන් මම යම්කිසි විකල්ප වැඩසටහනකට යොමුවෙලා තිබෙනවා. ඒක ඔබට දැනගන්න ලැබේවි. මම ඒක අධිකරණය හරහා සිදු කරන්නේ

Read More

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (10දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

අලව්ව නගරයේ සති පොළේ වෙළෙදුන්ගේ හා කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයන්ගේ පසුගිය (09දා) සිදු කළ PCR පරීක්ෂණ වල වාර්තාව අද (11දා) ලැබී ඇති අතර අතර පුද්ගලයින් 27 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදිත වී ඇති බවට තහවුර වී තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ම සමග සභා ගර්භය වෙත පිවිසි ජනාධිපති පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.