බදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ග්‍රාමයේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයන් ගෙන් ඉකුත් දින 5 ක කාලය තුල කොවිඩ් ආසාදිතයන් 32 දෙනෙක් හමුවීමත් සමග තවදුරටත් පී. සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් උපුල් කුමාර මහතා පැවසීය
ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 182 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreබැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් බිලියන 36.98ක් පාඩු කරා යැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු 8දෙනෙකු ලබන 23 දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු නිසා එම ප්‍රාදේශිය සභාව තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
Read Moreමත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කරන රන් ආභරණ පාහැර ගැනිම් ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 354 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
Read Moreබිබිල-මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩිගමුව ගම්මානයෙන් ඊයේ (16) කොවිඩ් 19 රෝගීන් නවදෙනෙකු හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreමියන්මාර රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් පිහිටුවා ඇති හමුදා පාලනයට ශ්‍රීලංකා රජය සහය නොදිය යුතු බව පවසමින් මන්නාරමේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
Read Moreරංජන් රාමනායක රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරිය අසලින් ජංගම දුරකථනයක් හමුවිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි තිබේ.
Read Moreබස්නාහිර හරිත පෙනහැල්ල මුතුරාජවෙල වැනසීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ හා අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් (17දා) බෝපිටිය මංසන්ධියේදී පැවැත්විණි.
Read Moreඅසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ ශාන් අබේසේකර ඇතුළු 3 දෙනා මාර්තු 31 දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා.
Read Moreකළුබෝවිල ආසිරි මාවතේ, ගිනි ගත් මෝටර් රථයක් තුළදී පිළිස්සී මියගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී ඉකුත් (16දා) සිදුකළ අතර එහිදී මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව කොහුවල පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්ය භාරය වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීම සදහා ඒවායේ කටයුතු වඩාත් සංවාදශීලීව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
Read Moreකළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරයන් 22 නෙකුට එරෙහිව විනය විරෝධී කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයා විසින් චෝදනා පත්‍ර ලබා දී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක , කළුතර ශ්‍රීල.නි.ප .ආසන සංවිධායක ,සහ ශ්‍රි.ල.නි.ප. මධ්‍යම කාරක සභික සුමිත් ලාල් මැන්ඩිස් මහතා පවසයි .
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1476 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreමුදල් විශුද්ධීකරණ පනතට අදාළව ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබූ ETI සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreකුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු 03/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය හෝටල් සේවකයකුගේ මරණය සිදුවූයේ කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන්ද යන්න සොයාබැලීම සඳහා සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය පවසයි.
Read Moreරුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ ග්‍රෑම් 2ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාව 1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (17දා) වසර 25ක් (රිදී ජුබිලිය) සැපිරේ.
Read Moreමෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
Read Moreයුරෝපා ඖෂධ ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ එමර් කුක් කියා සිටියේ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ඇතිවූයේ යැයි කියන සංකූලතා සිද්ධීන් එකින් එක ඇගයීමට ලක් කරමින් සිටින අතර, ඒ පිළිබඳ වැඩිදුර සමාලෝචනය බ්‍රහස්පතින්දා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
Read Moreඑඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරු අසනීප තත්ත්වයක් සමග පසුගිය පෙබරවාරි 16දා කිං එඩ්වඩ් රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහුට කොවිඩ්-19 ආශ්‍රිත රෝගාබාධයකට ප්‍රතිකාර නොකෙරුණත්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුරට ප්‍රකට වීමක් නොවීය.
Read Moreබ්‍රසීලයේ ප්‍රාන්ත 26න් 14ක් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය රාත්‍රී ඇඳිරි නීතිය යටතේ පවතී. සාමාන්‍යයෙන් මෙම ඇඳරි නීතිය රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වේ. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සීමාව ඉක්මවා පිරී ඇති බැවින් නව රෝගීන්ට සහාය නොදක්වන තත්ත්වයක් උද්ගත වී ඇත.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති කතාබහ නිසා මීට පෙර සිදුවීමට නියමිතව තිබූ මෙම එන්නත් වැඩසටහන කල් දැමුණත්, එය යළි ආරම්භ කරමින් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට අගමැතිවරයාද මෙසේ එන්නත විදගෙන තිබේ.
Read Moreමේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් දෙවැනි තොගය ඊයේ (16දා) සිම්බාබ්වේ අගනුවර හරාරේහි රොබට් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.
Read Moreමියගිය අයගෙන් බොහෝ දෙනෙක් ආසියානු කාන්තාවන් බව ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර, ඝාතනවලින් පැය තුනහ මාරකට පමණ පසු චෙරෝකි ෂෙරිෆ් කාර්යාලය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු 21 හැවිරිදි රොබට් ආරොන් ලෝන්ග් ලෙස හඳුනාගෙන ඇත.
Read Moreජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පෙරේදා (15දා) ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම අත්හිටුවන බවයි. ඒ අනුව යුරෝපා රාජ්‍යයන් 16ක පමණ සම්පූර්ණ එන්නත් තොගය හෝ එහි තෝරාගත් කාණ්ඩ එන්නත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
Read More