ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 2කම ගත් අයෙකුටත් කොවිඩ්
කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදවා සිටින රාජ්‍ය සේවකයින්ට ලබා දුන් ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන රියැදුරකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබීමය.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් පිරිසෙන් බහුතරයක්ම ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමට අයත් විල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරු සේවකයින්ය.
කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව මෙම කම්කරු සේවකයින් ඇතුළු කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් සීයට අනූවකටත් වඩා වැඩි පිරිසකට මේවනවිට ලබාදී ඇති බවද වාර්තා වී ඇති ආසාදිතයින් අතරේ එම එන්නත ලබාගත් කොපමණ පිරිසක් සිටිනවාදැයි සොයා බලමින් සිටින බවද කුරුණෑගල සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

