කොවිඩ් හමුවේ බ්‍රසීල ජනපති බොල්සෝ ෆේල් වුණේ ඇයි?
බ්‍රසීලය තුළ කොවිඩ්-19 වසංගතය කොතරම් අවාසනාවන්ත ඉරණමක් එරටට අත්කර දී ඇතිදැයි පැවසුවොත්, එරට වසංගතය නිසා තම ආදරණීයයෙකු හෝ හිතවතෙකු අහිමි වූ පවුලක් සොයාගැනීම අපහසු නැති තරම් යැයි බ්‍රසීල වසංගත රෝග විද්‍යාඥයෝ පවසති.
දකුණු ඇමෙරිකාවේ වසංගතය තුළ දැඩිම බලපෑමට ලක්වූ රාජ්‍ය බ්‍රසීලය වන අතර, එරට වසංගතය නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 500,800ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වර්තා වූ මරණ සංඛ්‍යාවට පමණක් දෙවැනි වෙමිනි.
එසේ ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ බ්‍රසීලය ආශ්‍රිතව වාර්තා වන්නේ, වෛරසය තවදුරටත් රට පුරා පාලනයකින් තොරව පැතිර යන බව අඟවමින් යැයි එම විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.
"පසුගිය වසරේ ජුනි මාසයේදී අපි කොවිඩ්-19 මරණ 50,000ක් වාර්තා කළා. එක් වසරක් තුළ මේ සංඛ්‍යාව 10 ගුණයකින් අපි වැඩි කර තිබෙනවා. එය ඉතා භයානකයි" මරණ සංඛ්‍යාව 500,000ක් වීම ගැන බ්‍රසීල විශේෂඥයෙකු වූ මිගෙල් නිකොලෙලිස් පවසයි.
වෛරසයේ බරපතලකම අවතක්සේරු කළ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ මෙන්ම, ඔහුගේ රජය කොවිඩ්-19 පරීක්ෂණ, ලුහුබැඳීම් සහ හුදකලා කිරීම ඇතුළු මූලික ක්‍රියාමාර්ග විද්‍යානුකූලව නොකිරීම සහ එන්නත් ලබාදීම මන්දගාමී වීම තුළ මෙවැනි ඛේදවාචකයකට රටට මුහුණදීමට සිදුව ඇති බව වසංගත රෝග විද්‍යාඥයන්ගේ මතයයි.
නිවැරදි අගුලු දැමීමේ ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකළ බ්‍රසීලය තුළ දේශපාලන බලලෝභීත්වයක් විනා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමේ නිසි ක්‍රමවේදයක් හෝ වැඩපිළිවෙළක් අනුගමනය නොකළ බව මනාව පැහැදිලි වන තවත් සාක්ෂියක් වන්නේ එරට ජනගහනයෙන් තවමත් එන්නත ලබාදී ඇත්තේ 11.4%ක් පමණක් වීම නිසාය. මේ වනවිට ලෝකයේ රටවල් රැසක් බ්‍රසීලයට සිය දොරටු වසා ඇත්තේද බ්‍රසීලයේ ජනපති බොල්සොනාරෝ මෙන්ම ඔහුගේ රජයද වසංගතය හමුවේ ෆේල් නිසාය. අද බ්‍රසීල ජනතාව පවසන්නේ, කොවිඩ් වෛරසයට වඩා බොල්සොනාරෝ දරුණු වසංගතයක් බවය.
බොල්සොනාරෝ වසංගතයේ නැගීම නැවත නැවතත් අවතක්සේරු කර ඇති අතර, මුල සිටම කොවිඩ්-19 කුඩා උණ ලෙස ඔහු හැඳින් වීය. මීට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගතය ප්‍රකාශයට පත් කළදා සිට, ඔහු අවම වශයෙන් මහජන රැස්වීම් 84කට සහභාගී වී ඇති බව බ්‍රසීල පුවත්පතක් වන ඕ ග්ලෝබෝ විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය කෙරෙයි.
ලැන්සෙට් ජර්නලයේ ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ බ්‍රසීලය මූලික වසංගත පාලන ක්‍රියාමාර්ග විද්‍යානුකූලව අනුගමනය කළේ නම් සෑම මරණ හතරෙන් තුනක්ම වළක්වාගත හැකිව තිබූ ඒවා බවය. අවසානයේ අත්තනෝමතික පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් සිය ජීවිතයෙන් මෙන්ම, ආර්ථික හා සමාජීය වශයෙන්ද බැට කෑමට සිදුව ඇත්තේ අසරණ බ්‍රසීල ජනතාවටය.






popular news
-
Joseph de Silva Sunday, 20 June 2021 10:34 AM
I only hope he is not an idiot like our man
Reply : 0 0
Joseph de Silva Sunday, 20 June 2021 10:34 AM
I only hope he is not an idiot like our man
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

