ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ
ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,349ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 493ක් වාර්තා වු බවය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 374ක් වාර්තා වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් අවිස්සාවේල්ලෙන් වාර්තා වී ඇති අතර ඒ 135ක් ලෙසය.
මීට අමතරව දෙහිවල 41ක්, හංවැල්ල 23ක්, මොරටුමුල්ල 45ක්, ගල්කිස්ස 48ක් හා වැල්ලම්පිටියෙන් ආසාදිතයින් 19ක් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස බියගමින් හා මීගමුවෙන් 35 බැගින් වාර්තා වී ඇත.
මීට අමතරව ජා ඇළ 24ක්, කටුනායක 23ක්, සපුගස්කන්ද 19ක් හා සීදුවෙන් 21ක් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, ගාල්ල, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබේ.
ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරින් 22ක් විදේශගතව සිට පැමිණි අය වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

