saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 7075 hours ago

LATEST

පා.ම කපිල අතුකෝරළට කොවිඩ්

calendar_today 2021 මැයි 29 - 14:46 remove_red_eye - 230  

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කොරෝනා මර්දන එන්නත්කරණයේ මීළඟ අදියර රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

Read More

නමුත් ඩොලර් 15ක් දීම ගැන අපේ ගැටලුවක් තිබෙනවා. බංග්ලාදේශයට එම එන්නතම ඩොලර් 10ට දෙනවා මාත්‍රාවක්. එක මාත්‍රාවකට ඩොලර් 5 ගානේ වැඩිපුර ගෙවනවා කියන්නේ මිලියන 14ක් සයිනොෆම් ගෙන්වන කොට අපි වැඩිපුර ඩොලර් මිලියන 70ක් වැඩිපුර ගෙවනවා.

Read More

රටේ දැවැන්ත එන්නත්කරණ ක්‍රියාවලිය අතරතුර චීනයේ කොවිඩ්-19 එන්නත් ලබාගත් ජනතාව සෑම මිලියනයකටම දැඩි සංකූලතා වාර්තා වූ සිද්ධීන් 119ක් තරම් (0.01%ක් තරම්) අඩු අගයක් ගන්නා බවත්, මෙය ඇතැම් බටහිර එන්නත් සඳහා වාර්තා වී ඇති දැඩි සංකූලතා සිද්ධීන් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් චීනයේ එන්නත් නියාමකයන් පවසයි.

Read More

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් දැනට උද්ගතව ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම එළැඹෙන 06 දා තෙක් අත්හිටුවා ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාන්ති විජේතුංග මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව චීනයේ සිනෝෆාම් සමාගමෙන් ඇණවුම් කළ එන්නත් වලින් මිලියනයක එන්නත් තොගයක් එළැඹෙන 06 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ගොවින්ට එළවලු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

කැනේඩියානු කාටූන් ශිල්පීන් පවා මෙම සිදුවීම හාස්‍යයට ලක්කර තිබුණේ, කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මුඛ ආවරණවලට අමතරව, කලිසම්ද ඇඳගෙන සභාවාරයට සහභාගී වීමට අමතක නොකරන ලෙස සිහිපත් කරන දේශපාලන කාටූන් සමගිනි.

Read More

ගත වූ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ (28) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 45 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය

Read More

අවම වශයෙන් ජනගහනයෙන් 70%කටවත් කොවිඩ්-19 මර්දන එන්නත ලබා දෙනතුරු කොවිඩ්-19 වසංගතය අවසන් නොවන බව යුරෝපා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂවරයා අනතුරු අඟවයි.

Read More

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය කළ බව වන ව්‍යාජ පුවතක් මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇති බවත් එය රටේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳ සත්‍ය තත්ත්වය වසන් කිරීමට ගත් උත්සාහයක බවත් විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 28 වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් එකසිය හැට දෙදෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3897 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබේ.

Read More

රජයේ නිවේදන හරහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු විකිණීහට හා මිලදී ගැනීමට පැමිණි සියලු දෙනාටම අද (29දා) උදෑසන නැවත හැරී යාමට සිදුවූ බව ගොවීන් මෙන්ම තොග වෙළෙන්දෝ පවසති.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරිම සම්බන්ධයෙන් ඊයේ දිනයේදි තවත් පුද්ගලයින් 793 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේය.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (28) තහවුරු කර තිබේ.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්‍වවිද්‍යාලයට අනුව ඇමෙරිකාවේ නිල ආසාදන අගය මිලියන 33.2ක් ඉක්මවා තිබුණත්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ඇස්තමේන්තු කර ඇත්තේ ඇමෙරිකානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවය. එනම් අපේ‍්‍රල් මැද භාගය වනවිට මුළු ආසාදන මිලියන 115ක් පමණ ඇස්තමේන්තු කර ඇත.

Read More

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙළ‌ එළඹෙන (2020) ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ඇත. ඒ මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙනි. ටෙහානි මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවද හොබවයි. 35 හැවිරිදි ටෙහානි සිය ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 223 වැනි ස්ථානයේ මේ වන විට පසුවේ.

Read More

උස් වැටකෙයියාව හා මීගමුව යන වෙරළ තීරයෙන්ද කැස්බෑවන් දෙදෙනෙකු ඊයේ දුර්වල තත්ත්වයෙන් සිටියදී සොයා ගත් බව සඳහන් කළ ඒ මහතා එසේ සොයාගත් කැස්බෑවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර කිරීමෙන් පසු ගැඹුරු මුහුදට මුදා හැරිය බව පැවසීය.

Read More

කොවිඩ් ආසාදනය වු පුද්ගලයන්ට හා කොවිඩ් රෝගින්ට ආශ්‍රීතවි නිරෝධායනයට ලක්වන පිරිසට ජල බිල්පත ප්‍රමාද වි ගෙවිම සඳහා සහනයක් සලසා දිමට තිරණය කර ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 97කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන්ගේ නවතම වැඩිවීමට මෙම තීරණයට හේතු වී ඇති බව පවසන මැලේසියාව, දෛනික ආසාදන 8,000 ඉක්මවන සහ සක්‍රීය රෝගීන් 70,000ක් ඉක්මවන තත්ත්වයක, ඉහළ හා වේගවත් ආසාදන අනුපාතයක් සහිත නව ප්‍රභේදයක් රට තුළ සම්ප්‍රේෂණය වන බව කියයි.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 603 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

අනුරාධපුර -පරසන්ගස්වැව -සියඔලෑව ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සහ ඹත්තු ලබාදුන් අයෙකුට තියුණු වලින් පහර දුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර පොලිස් මුලස්ථානයේ පොලිස් නිලධාරින් 60 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක අංශ දැරූ උත්සාහය ඵළ දරා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය නිවේදනය කරයි.

Read More

ඇමොරටුමුල්ල ප්‍ර දේශයේ එන්නත්කරණ වැඩසටහනේදී මොරටුව ගල්කිස්ස නගර සභාවේ නගරාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැති කොවිඩ් රැස්වීමේදී සිය අප්‍රසාදය පළ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.