saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 7080 hours ago

LATEST

කොවිඩ් සුව වී නිවසට පැමිණි මව කොවිඩ් නිසා මරුට

calendar_today 2021 මැයි 28 - 08:38 remove_red_eye - 1276  

කොවිඩ් වෛරසය ආසාදනය වි හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණි තිදරු මවකට යළි කොවිඩ් වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

කොළඹ මැනිං වෙළෙඳපල ඇතුළු ආර්ළුික මධ්‍යස්ථාන අද සහ හෙට දිනවලත් විවෘත නොකෙරේ.

Read More

එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,754,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගතවු පැය 24 තුළදි නිරෝධායනය නීති කඩ කල පුද්ගලයන් 829 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 50,000 ක් 05/27 දින රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් 05/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉතා සිමිත එන්නත් තොගයක් ලැබි තිබෙන නිසා තෝරා ගත් අධි අවදානම් ප්‍රදේශ වලට එන්නත් කිරිම සිදු වන බවත් අනෙක් ප්‍රදේශවලට එන්නත් තොග ලැබුණු වහාම ව්‍යාප්ත කරන හෙයින් අනවශ්‍ය ලෙස පොදි ගැමෙින් එන්නත් ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවිම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුම නැවැත විවෘත කළ අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කලමනාකරණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් පවසයි.

Read More

ගිනි ගන්නා නැවේ අද දවස ලබාගත් ඡායාරූප

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලද ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා දිස්ත්‍රික්කයේ එන්නත් කරණය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

Read More

කොළඹට නුදුරේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙන්ම එහි බහාලුම්වල තිබූ අපද්‍රව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයන් වෙත ගොඩ ගසා තිබේ.

Read More

සිරිපා වන්දනා වාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩු, සුමන සමන් දේව ප‍්‍රතිමා සහ පූජා භාණ්ඩ 27 දහවල් වනවිට සිරිපා මලූවෙන් ආපසු වැඩම කරවීම අවස්ථා දෙකක දී සිදුකරනු ලැබීය.

Read More

පවතින සංචරණ සීමා එළඹෙන 31 වැනිදා සහ 04 වැනිදා ලිහිල් කිරීමට තීරණය කර තිබුණද එය වෙනස් වීමට ඉඩ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 790ක් වාර්තා වි තිබේ.

Read More

මැයි මාසයේ විශ්‍රාම වැටුප් ,ගොවි සහ ධිවර විශ්‍රාම වැටුප්,වැඩිහිටි සහ මහජන ආධාර දිමනා ගැනිමට නොහැකිවු අයට පමණක් හෙට (28) සහ අනිද්දා (29) පෙ.ව 9 සිට පස්වරු 2 දක්වා තැපැල් කාර්යාල විවාතයි.

Read More

රිටිගල හා පිළිකුත්තුව ප්‍රදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ආවේනික නව දිවාසැරි හූනන් දෙදෙනෙකු සොයාගන්නට පර්යේෂකයන් සමත්වී ඇත. එම හූනන් දෙදෙනා Cnemaspis gunawardanai හා Cnemaspis gunasekarai යනුවෙන් නම්කර ඇත්තේ මෙරට පරිසරය වෙනුවෙන් ඉමහත් සේවාවක් කළ පරිසරවේදින් යුගලක් වන සමන්ත ගුණසේකර හා ආචාර්ය ජගත් ගුණවර්ධන යන මහත්වරුන්ට ගරු කිරීමක් වශයෙන් බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන සමීර සුරංජන් කරුනාරත්න මහතා ’අද’ට පැවසුවේය

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්ව ඇති අපදව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට පැමිණෙමින් තිබේ. එම රසායනික අපද්‍රව්‍ය ජනතාව එක්රැස් කිරීමට කටයුතු කරන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ක්‍රියාවලියක් වෙයි. මෙම අපද්‍රව්‍ය ජනතාවට එක්රැස් කිරීම වැළැක්වීමටත් ඒවා වෙරළෙන් ඉවත් කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ 1,411 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද හඳුනාගෙන ඇ​ත.

Read More

මෙතෙක් කොවිඩ් එන්නත් ලබා නොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹි සිටින ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ට එන්නත් ලබා දිමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ සාකච්ජාවක් අද (27) රාත්‍රියේදි අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එම් චිත්‍රානන්ද මහතා පවසයි.

Read More

බාධාවකින් තොරව ජන ජීවිතය පවත්වා ගෙන යෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් , අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

එළැඹෙන ජූනි 07 වැනිදා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීම සදහා සයිනෝෆාම් එන්නත් 50000 ක ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

Read More

නෞකාවේ ගින්නෙන් සාගර පරිසරයට සිදුවන හානිය පිළිබද පරීක්ෂණයක් කරන්නැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නාරා ආයතනයට උපදෙස් ලබා දෙයි.

Read More

කොළඹට ආසන්න මුහුදේ ගිනිගනිමින් තිබෙන නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති රසායනික ඇතුලු වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් සිදුව ඇති පාරිසරික හානිය සඳහා අදාළ නැව් සමාගමෙන් වන්දි ලබා ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩගැසූ භාණ්ඩ හා අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අසාත්මිකතා හටගෙන ඇතැයි වාර්තා වන බව සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටියි.

Read More

පුත්තලම සිට කොළඹ , ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.