කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සියලු දේශපාලන පක්ෂ වල නියෝජිතයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් කැදවීය යුතු බවට තමා යෝජනාවක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
2019 කොරෝනා වෛරස් රෝගය(කෝවිඩ්-19) තාවකාලික විධිවිදාන පනත් කෙටුම්පත පිළිබද අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව සමග ඉතාම හිතවත් සංවිධානයක් බවත් ඒ අනුව කෝවිඩ් 19 වසංගතයත් සමග එම සංවිධානයේ සහය මීට වඩා ලබා ගත හැකි බවත් සඳහන් කළ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා,
කෝවිඩ් වසංගත තත්ත්වය සම්බන්දයෙන් අපි කාටත් අද යම් අවබෝදයක් තිබෙනවා. මේ රටේ වෛද්‍යවරයාගේ සිට කුඩා දරුවා දක්වා මේ පිළිබද තිබෙන අවබෝදයේ එක් එක් වෙනස්කම් තුල මුලුමහත් සමාජය මේ සම්බන්දයෙන් පුලුල් අවබෝදයකින් සිටින්නේ කියලායි මම විශ්වාස කරන්නේ. කාලානුරූපට ඉතාම වැදගත් පනතක් මේක. කොහොමද ලෝකයේ මුලුමහත් සමාජයේ ආරම්භයේ සිටම මෙවැනි තත්වයන්ට මුහුණ දුන්නේ. එක් එක් යුග ගතහොත් එය ගත් යුගයේ වෙන්න පුලුවන්, වනචාරි යුගය වෙන්න පුලුවන් අද දක්වා ගත්විට ඉහලම තාක්ෂණික යුගය වෙන්න පුලුවන්. පාලකයින්, ජනතාව, සමාජය බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රශ්න වලට ලෝකයේ සෑම රටකම සෑම සමාජයකටම මුහුණ දෙන්න සිදු වෙනවා. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉතිහාසය ගත්විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට තිබෙන දීර්ඝ කාලීන අත්දැකීම් සමග විශේෂයෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කියන්න ඔ්නී, අපේ සෞඛ්‍ය සේවය , සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වසංගත රෝග සම්බන්දයෙන් අත්දැකීම් තිබෙන පිරිසක් ඉන්නේ. මේ අවස්ථාවේ ලෝකයේ සම්ස්ත ජනගහණයෙන් රෝගීන් මිලියන 280ට ආසන්න වෙලා තිබෙනවා. ඒ වගේම ලෝකයේ මරණ සංඛ්‍යාව ලක්ෂ 44 ඉක්මවා ගිහින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන දත්ත සහ තොරතුරු මත ලෝකයේ රටවල් 222ක් කෝවිඩ් 19 මේ වසංගත තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව සදහන් කරන කරුණු තමයි මූලික වශයෙන්ම එන්නත් කරනය සහ සංචරණ සීමා යෙදීමෙන් වැදගත්කම. රටේ මේ තිබෙන තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා අපි සෑම කෙනෙකුගේම සහයෝගය, සජීවනය සහ සහභාගීත්වය ,සුහදශීලී වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම දකිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටට ඉතාමත්ම හිතවත් සංවිධානයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මීට වඩා ලබාගත හැකියි කියලා මම විශ්වාස කරනවා. මගේ අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි මේ සම්බන්දයෙන්. පවතින තත්වය තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් කැදවීම වැදගත් කියන එකයි මගේ අදහස.
යනුවෙන්ද සඳහන් කළේය.