හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
අගොස්තු මස 01 වැනිදින සිට මේ දක්වා කාලය තුලදි මෙකි රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.
කොවිඩ් වෛරසය ආසාදනය වු රෝහල් කාර්යමණ්ඩලයේ අය අතර වෛද්‍යවරු 09 දෙනෙකු හා හෙද හෙදියන් 45 දෙනෙකු සිටින බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
මේ අතර ඉකුත් පැය 24 ක කාලය තුල කරාපිටිය රෝහලින් නව කොවිඩ් ආසාදිතයින් 23 දෙනෙකු හදුනාගෙන ඇති අතර කොවිඩ් මරණ 10ක් වාර්තා වි ඇති බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
මින් 06 දෙනෙකු නිවෙස්වලදි මියගොස් ඇති අතර ආසාදිත රෝගින් 04 රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා රෝහල මගින් පාලනය වන අක්මිමන මැලිබන් රෝහලේ කොවිඩි ආසාදිත රෝගින් 190 දෙනෙකු ප්‍රථිකාර ලබති. මින් රෝගින් 60 දෙනෙකු වෙනත් වෛද්‍ය ශල්‍ය වාට්ටුවල ප්‍රථිකාර ලබන අතර 18 දෙනෙකු රෝහලින් නිදහස්කොට ඇත.
කොවිඩ් ආසාදිත රෝගින් 53 දෙනෙකු ඔක්සිජන් අධාරක යටතේ ප්‍රථිකාර ලබන බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
රවින්ද්රශ්රිලාල් චන්දන සමරවික්‍රම