“මගේ තාත්තා හදිසි ලෙස ඇවිත් කිසිම දැනුවත් කිරීමකින් තොරව පැහැරගෙන ගොස් තිබෙනවා. අයි.ඩී. එකක් පෙන්නුවේ නෑ. සිවිල් පිට ආවේ. අමානුෂික ලෙස පැහැරගෙන ගියා. බලධාරයිනි ඉක්මනින් හොයන්න.”
මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දුන් බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලුවේ රට පෙරදැරිකරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කලේ නැහැ. නමුත් මා බලයට ආවාට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා රජය සමඟ අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා.රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිපදෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි.
Read Moreපසු ගිය කාලයේ තර්ජනයට ලක්වී තිබූ මුහුදු විහාරය, කූරගල, දීඝවාපිය වැනි සංස්කෘතික හා ආගමික උරුමයන් අපි ආරක්ෂා කොට තිබෙනවා. අද මේ රටේ ජනතාවට තවදුරටත් රටේ ඒකීය භාවය ගැන බියවීමට හේතුවක් නැහැ. අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නට මේ රජය කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව මගේ රජය තහවුරු කොට තිබෙනවා.
Read Moreඒ නිසා රජයක් වශයෙන් අපිට යම් දැඩි තීන්දු ගන්න සිද්ධ උනා. සමහර අත්‍යවශ්‍ය නොවන ආනයනයන් පාලනය කරන්නට, විශේෂයෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය පාලනය කරන්නට, අපිට සිදු වුනේ ඒ නිසායි. මේවා හැමදාටම පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වන සීමාවන් නොවෙයි. අපි බලාපොරොත්තු වෙනවා රටට ආදරය කරන, අනාගතය දකින, බුද්ධිමත් ජනතාව කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන මේ අර්බූදයෙන් ගොඩ එන්නට අපට සහාය දෙයි කියා.
Read Moreමම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සුදානම්. මම මගේ වගකීම නොපිරිහෙලා ඉටුකරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකීම බාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුණු ඉටුකරගැනීම සඳහා සහයෝගය ලබා දෙයි කියා.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 48ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යවා 2859ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅම්බලන්ගොඩ තිලකපුර මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාධනයවී ඇති බවට අද (25දා) තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.
Read Moreමඩකලපුව චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.
Read Moreලබන මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්, සයිනෝවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබේ. එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,239 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreකාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට තේ කර්මාන්ත ශාලාවලින් ඉවත ලන කසල තේ එක් කිරිම නිසා කෙසෙල්ගමුඔයේ ජලය කළු පැහැයෙන් අද දින ගලා බසින අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreසති අන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreතවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි. ඒ ඊයේ (24) පොල්ගහවෙල පිහිටි දේශීයව වාහන එකලස් කරන මයික්‍රෝ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රඛතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,843 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් සේවිකාවන් පිරිසකට කෝවිඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමෙන් පසුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇති බවට කිලිනොච්චිය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරිය REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා අනුමැතිය ලබා දෙයි
Read Moreමීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මරණය ඝාතනයක් බවට අනාවරණ වීමත් සමග එම ව්‍යාපාරිකයාගේ සිරුර ගොඩගෙන පරීක්ෂණ සිදු කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
Read Moreවිපක්ෂයට තිබෙන්නේ රාජපක්ෂ භීතිකාවක් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (25) ගම්පහ බෙම්මුල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
Read Moreහක්මන-වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දෙනගම ප්‍රදේශයේදි අද (25) අලුයම වලස්මුල්ල මූලික රෝහලට අයත් ගිලන් රථයක් තාප්පයක ගැටිමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් හතර දෙනෙකු තුවාල ලබා වලස්මුල්ල මූලික රොහල්ට අතුලත් කර තිබෙනවා.
Read Moreපාරිභෝගික අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, නිෂ්පාදකයින්, තොග රැස් කරන්නන් හා වෙළෙඳුන් සොයා අද (25) සිට විමර්ශන ආරම්භ කරන බව පාරිභෝගික අධිකාරිය නිවේදනය කර සිටියි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී ජාතිය ඇමතීමට නියමිත අතර එහිදී ප්‍රශ්න 6ක් සසඳහා පිළිතුරු අපේක්ෂා කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreවෛද්‍යවරුන් නියෝජනය කරන ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය කියා සිටියේ මෙම පියවර ප්‍රමාණවත් නොවන අතර, වෛරසය පැතිරීම හා මරණ වැළැක්වීම සඳහා රටේ විශාලතම නගරය (සිඩ්නි) සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කළ යුතු බවයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අදදින අලුතින් කොවිඩ් ආසාදිතයන් 74 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගණන හයදාහාස් පන්සියේ සිමාවද ඉක්මවා ගොස් 6533ක් වන බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreගතවූ පැය 24 තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තාවන සමස්මත කෝව්ඩ් මරණ සංඛ්‍යාව හයසියය ඉක්මවා වාර්තාවීම අද (25) දින සිදු විය.
Read Moreවිදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලින් සීමිත සේවා ලාභීන් පිරිසක් සඳහා බලපත්‍ර ලබා දීමටයි තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාවක එංජින් කාමරයේ ගින්නක් ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඇමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නැවක් (USS Charleston - LCS 18 Blue Crew (LCS 18) ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ තිබේ.
Read Moreසියලුම ජාතික පාසල් වල ගුරු භවතුන් තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreමෙරට එන්නත්කරණ වැඩපළිවෙල යටතේ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 489,910 දෙනෙකුට ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.
Read More