දියේ ගිලි අතුරුදහන් වු දෙදෙනාගේ සිරුරු සොයාගැනේ
හැටන් වටවල ලොනැක් වතු යායේ පිහිටි වැවෙහි දිය නැමට ගොස් ඊයේ දින පස්වරුවේ අතුරුදහන් වු දෙදෙනාගෙග් සිරුරු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් අද දින උදැසන එම වැවේ තිබි ගොඩ ගනු ලැබුහ.
මෙසේ ගොඩගනු ලැබුවේ වටවල ලොනැක් වත්තේ පදිංචි සින්නයියා රාජා (38) හැවිරිදි දෙදරු පියාගේ සහ හලාවත විලත්තල ප්‍රදේශයේ පදිංචි සචින්ත දිල්ෂාන් (21) හැවිරිදි තරුණයාගේ සිරුරුයි.
ජිවිතක්ෂයට පත් දෙදෙනා වටවල ලොනැක් වතු යායේ පිහිටි සත්ව ගොවිපොලක ගොඩනැගිල්ලක් ඉදි කිරිමේ කටයුත්තක නියැලි සිටි අය බවත්, ඔහුන් දෙදෙනා එම ගොවිපොලේ ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුත්තේ නියැලි සිටින තවත් තිදෙනෙකු සමග ඊයේ දින පස්වරු 5 ට පමණ වැවේ දිය නැමට ගොස් සිටියදි මෙම අනතුරට පත් වි ඇත.
පළමුව ජිවිතක්ෂයට පත් වු සින්නයියා රාජා වැවෙහි දිය නාමින් සිටියදි ඔහු දියේ ගිලෙමින් සිටියදි ඔහු බේරා ගැනිමට සචින්ත දිල්ෂාන් වැවට පැන උත්සහ කල අවස්තාවේ දෙදෙනාම දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.
අතුරුදහන් වු දෙදෙනාගේ සිරුර සොයා ගැනිමට වතු කම්කරුවන් ඊයේ දින රාත්‍රිය වන තෙක්ම උත්සහ කලත්, සිරුරු සොයා ගැනිමට නොහැකි වු නිසා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් සහය ලබා ගැනිමට නෝටන්බ්‍රිජ් පොලිසිය කටයුතු කරනු ලැබුහ.
ගොඩගත් සිරුරු දෙක හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිරණ වෛද්‍යවරයාට යොමු කල බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

