ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා හෙද සාත්තු සේවා සහ ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා (Nursing Care Worker & Food Service Industry) SSW කුසලතා පරික්ෂණය පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ පිළිබඳව විස්තර පහත පරිදි වෙයි.
· විභාගය/ කුසලතා පරික්ෂණය පැවැත්වීමේ කාලය - 2022 ජනවාරි/ පෙබරවාරි
· විභාග ස්වභාවය - බහුවරණ ප්‍රශ්න පත්‍ර (පරිගණක පදනම්ව CBT)
· විභාග ගාස්තු - වෙබ් අඩවියේ අන්තර්ගතව ඇත.
· විභාග මාධ්‍ය - ජපන් භාෂා විභාගය (Japanese Foundation Test - JFT)වෘත්තිය කුසලතා පරික්ෂණය (ජපන් භාෂාවෙන් පවත්වනු ලැබේ)
· විභාග මධ්‍යස්ථාන - පසුව දැනුම් දෙනු ලැබේ
· අයදුම්පත් කැඳවන දිනය - පසුව දැනුම් දෙනු ලැබේ
· විභාගය පිළිබඳ වැඩි විස්තර- www.slbfe.lk හි SSW ද්වාරය මගින් ලබාගත හැකිය.
· විභාගය සඳහා සූදානම් කිරීම - SSW ද්වාරය (Portal) මගින් ලියාපදිංචි වන්න.
· පාඨමාලා ආරම්භ කිරීම - 2021 සැප්තැම්බර් 24 දින හඳුන්වා දීමේ ආරම්භක වැඩසටහන පැවැත්වේ.