මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 591 ක් අද මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ නැවතත් රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමේන් පසු 20කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවි අබේරත්න මහතා පැවසිය.
Read Moreදෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවූ ’’තෝර්’’ සිංහයාගේ ධේනුවටද කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් මර්දන මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති අය සඳහා දැනට රුපියල් 5000 දඩය ගැසට්ටුවකින් රුපියල් 50,000 ලෙස වෙනස් කර හෝ මේ රෝගය මර්දනය කරන්න ඉලක්කගතව වැඩ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
Read Moreමට්ටක්කුලිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශ වල සිදුකළ වැටලීම් දෙකක දී රුපියල් කෝටියකට අධික වටිනා හොරයින් මත්කුඩු සහ මුදල් සමග කාන්තාවන් දෙදෙනෙකු කොළඹ උතුර අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනපති ගෝඨාභය මහතා විසින් විශේෂ ජනපති සමාව ලබාදී ඔහුව නිදහස් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවැසීය.
Read Moreඅඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන දැනට හුදකලා කර ඇති ගිනිගත්හේන 315-A ග්‍රාමසේවා වසමට අයත් කැරොලයිනා වත්තේ කඩවල කොටසේ නව අසාදිතයන් 24 දෙනෙකු (23) දින හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
Read Moreපොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබේ. බන්ධනාගාර ගතව සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතරට අයත් වෙයි. මීට අමතරව වෙනත් වැරදිවලට සම්බන්ධ තවත් 78 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් පසුගිය පැය 24 කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 153 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 6459 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 442 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreඇමෙරිකාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි බැසිල් රාජපක්ෂ උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 49,416 දෙනෙකු වශයෙන් සදහන් වෙද්දී (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 440 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read More25 හැවැරිදි තරුණියක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 121ක් සමග මට්ටක්කුලිය පොලිස් වසමේ ඩිපෝව හංදිය අසළදී කොළඹ උතුර කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreදිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට රට පුරා සංචරණ සිමා ක්‍රියාත්මක කෙරේ.
Read Moreදශක ගණනාවක සිර දඬුවම් ලැබිය හැකි බදු චෝදනාවලට මුහුණ දීම සඳහා ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් නියම කිරීමෙන් පැය කිහිපයකට පසුව ජෝන් මැකාෆි මෙසේ සිය දිවි තොර කරගෙන ඇති බව කියයි.
Read Moreමධ්‍යම පළාතේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තාවන මරණ සංඛ්‍යාව සියය ඉක්මවා වාර්තාවීම ඊයේ (23) දින වාර්තා වූහ.
Read More2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
Read Moreකොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ ඊයේ (23දා) වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3367220ක් වෙත පළමු එන්නත හෝ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreපවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
Read Moreබුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති ’’විශේෂ ඝනයේ’’ සැකකරුවන් 05 දෙනෙක් ට අද (24) දින උදාවන පොසොන් පුර පසළොස්වක පෝය දිනයේදී සිල් සමාදන්වීම සඳහා අවසර දී ඇත.
Read Moreඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සොයාගත් ප්‍රදේශවල සෝදිසි කිරීම්, වැඩිදියුණු කළ පරීක්ෂණ, ඉක්මන් සම්බන්ධතා සොයා ගැනීම සහ ප්‍රමුඛතා ඇති පුද්ගලයන් වේගවත්ව එන්නත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය වැඩි දියුණු කළ යුතු බවයි.
Read Moreඅයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින් බවට පත්වීමට නවසීලන්තය අද(23) සමත් වුණා.
Read Moreයන්ත්‍රෝපකරණ සහ යන්ත්‍රෝපකරණ උපකරණ ලෙස ප්‍රකාශ කරමින් , චීනයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් දෙකෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් අඩංගු බහාලුමක් අද දින රේගු මධ්‍යම භාණ්ඩ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ වරායේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.
Read Moreඅද (23) තවත් කොවිඩ් ආසාදිතයින් 820 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,205කි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 246,091 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More’’ඔබගේ සැලකිල්ලට ස්තූතියි, ප්‍රධාන ලේකම් තුමනි! අපි ඉතා හොඳ ශාරීරික තත්ත්වයක සිටින අතර, අපගේ අභ්‍යවකාශ කටයුතු සුමටව සිදු වෙමින් පවතිනවා’’ චීන අභ්‍යවකාශ මෙහෙයුමේ අණදෙන නිලධාරී නී හයිෂෙං විසින් ජනාධිපති ෂී ජින්පිං අමතමින් පවසා සිටියේය.
Read Moreශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 65ක් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More