අගමැති ඉතාලි සංචාරය අවසන් කර යළි පැමිණෙයි
ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සදහා ගොස් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන් , ඉතිරි පිරිස 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
මීට දින කීපයකට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම ඉතාලි සංචාරය නිමා කර යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි .
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ඉතිරි දූත පිරිස 09/20 දින අලුයම 12.01 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉකුත් 09/10 දින සිය ඉතාලි සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
popular news
-
Demuni Uduwara Monday, 20 September 2021 12:14 PM
You must make a statement before the Parliament re. the trip detailing the participants, cost incurred, outcome etc. Earlier, years ago this was the practice adopted in the Parliament. After 2005, this process was purposely neglected by those concerned!
Reply : 0 0
samson de silva Tuesday, 21 September 2021 03:28 AM
Joker NGO sanwidaanayak wisin pawathwapu joker sammelanayakata, kawuru hari liyaa deepu kathaawak kiyawanna giya. Api dekkaa ara plastic putuwala kattiya waadiwelaa innawaa. Yako, apey bus stationswala oyita wadaa honda putu thiyenawaa. Kese wethath eya siddawunaa kiyamuko. Eeta pasuwa sathiyak mokada keruwe, pawul pitin, ratey janathaawage salli wiyadam karalaa. Ewwata pilithuru awashyayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

