saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6707 hours ago

LATEST

බැසිල් දක්ෂයෙක් - වැඩ ටිකක් කරයි

calendar_today 2021 ජුලි 09 - 08:56 remove_red_eye - 1907  

අමාත්‍ය බැසිල් රාජපක්ෂ දක්ෂ පුද්ගලයෙක් බවත් ඔහු යම්කිසි දෙයක් කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 77 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 7876 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා එක්දිනක් තුළ ලබාදුන් වැඩිම කොවිඩ් එන්නත් සංඛ්‍යාව ඊයේ ලබාදී තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 222010කි.

Read More

2020 අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කරුංකා තොගයක් ව්‍යාජ නිරෝධායන බලපත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රතිඅපනයනය කිරීමේ සිදුවීමට සම්බන්ධව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් හා කෘෂිකර්ම උපදේශකවරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ, කැකුලන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස හුදකලා කර තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෑත දිනවල කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93%ක් පමණ එන්නත් කිරීමේ අනුපාතය 40%කට වඩා අඩු ප්‍රාන්තවල සිදුවී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ රොචෙල් වැලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

2014 ලෝක කුසලානයෙන් පස්සේ ක්‍රීඩා අමාත්‍යවරු 4යි පුහුණුකරුවන් 5යි සහායක කාර්යමණ්ඩලය 30යි නායකයන් 10යි ක්‍රීඩකයන් 105යි

Read More

ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සමාගම් සඳහා ද්විතීයික වෙළෙඳ පොළෙන්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීමට අවසර ලබාදෙමින්, මුදල් අමාත්‍යවරයා විසින් නියෝග නිකුත් කර ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 381 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,223 ක්.

Read More

ඉදිරි දින කිහිපයේ කොවිඩ් ආසාදිතයින්ගේ විශාල වැඩිවිමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

Read More

හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය අතපෙවීමක් ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කෙරෙන බව හයිටි පොලිස් අධ්‍යක්ෂවරයා පැවසීය.

Read More

වර්තමාන රජය බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් කළ බැසිල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු අප රජය තවත් ශක්තිමත් කිරීමක් බවත් ඒ වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ඊපීඩීපී නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි

Read More

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆලවර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවරු වී තිබේ. එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජෛව ආරක්ෂක බුබුල යටතේ කටයුතු කරමින් සිටින විට ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ

Read More

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය.

Read More

අද (08) දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 842ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

විදෙස් හමුදා ඇෆ්ගිනිස්තානයෙන් ඉවත් වීම ඇරඹෙන විට කැරලි සටන්කරුවන් ඉදිරියට පැමිණ ඇති අතර, ඇෆ්ගන් ආරක්ෂක නිලධාරීන් ඉරානයට පළාගොස් ඇති බවද තහවුරු නොකළ මූලාශ්‍ර පවසයි.

Read More

ශ්‍රී ලංකා මහබැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (09) නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තිරණය කළේය.

Read More

අද (08) දිනයේ දී තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

පැහැදිලිව කියන්න අවශ්‍යයි ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ක්‍රීඩා සංගම්වලටත් අපි දැනුවත් කරලා තිබෙනවා කිසිසේත් විනය කඩ කිරීම් වලට සමාව දෙන්න පුලුවන් කමක් නැහැ කියලා. විනය ප්‍රධානකොට ගෙන ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අපි හදන්න අවශ්‍යයයි.

Read More

රුපියල් කෝටි 53ක වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කථවර දකුණ පොලීසියේ උපපොලිස් පරික්ෂකවරයා ඇතුළු තුන්දෙනා මේ මස 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ඇතැම්විට පියෙකුට කටයුතු කරන ආකාරයෙන් අමිහිරි දෑ කිරීමට සිදුවෙනු ඇති බවත් තමා අමාත්‍යවරයා ලෙස සායකයෙක් ලෙස වැඩ කිරීමට සූදානම් බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

’’මා මෙතෙක් දැරූ මුදල් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලබා දීමට කටයුතු කළෙමි. නව මුදල් අමාත්‍යතුමාට සිය ධූරයේ කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.’’

Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.

Read More

අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,453ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු සියල්ල සමාලෝචණය කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර සිටියේය.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සිය පත්විම් ලිපිය අද, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් එම අමාත්‍යාංශයේදි ලබා ගත්තේය.

Read More

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතිඥ, අජිත් රෝහණ මහතා යටතේ අපරාධ දිසාව,මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය,රථවාහන පාලනය හා මර්ග ආරක්ෂණ දිසාව,නාවික හා සංචාරක දිසාව යන දිසා 04 මෙන්ම ඊට අදාල කොට්ඨාශ 11 ද අයත්වේ.

Read More

වරාය නගරය සක්‍රීයව ඉදිකිරීම ආරම්භවීමත් සමග එහි අවශ්‍යතාවයට ගැලපෙන පරිදි පියවරෙන් පියවර පුහුණු වෘත්තීකයින් එයට සම්බන්ධ කරන අයුරු පිළිබද සාකච්ඡාවක් ඊයේ (07) දින නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ ව්‍යාපෘතිය භාර නිළධාරීන් අතර නිපුණතා පියසේදී පවත්වන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.