මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන දරුවන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුණා.
දෙවන අදියරේ දී රෝහලේ සායනවල ලියාපදිංචි වූ දරුවන් සඳහා එන්නත් ලබාදීමට නියමිතයි.
එම එන්නත්කරණ වැඩසටහන භාර විශේෂඥ වෛද්‍ය සමන්මලි ගුණසේකර මහත්මිය අවධාරණය කළේ විශේෂඥ වෛද්‍ය අනුමැතියෙන් පමණක් මෙම එන්නත ලබා දෙන බැවින් මේ සම්බන්ධයෙන් දෙමව්පියන් කිසිඳු බියක් ඇති කර ගත යුතු නැති බවයි.