ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරයෙන් පසු පවත්වන පළමු කැබිනට් රැස්වීම අද (04දා) සවස පැවැත්වීමට නියමිතය.
මෙහිදී කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩිකිරීම සහ සහල් මිල පාලනය සම්බන්ධව තීරණ ගැනීමටද නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම සිවුදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්රී හර්ෂ් වර්ධන් ෂිංග්ලා මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද නියමිතය.