ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ හා බිලියනපතියන්ගේ සිය රහස්ය ධනය හා ගනුදෙනු ඇතුළත් ලේඛණ තොගයක් පැන්ඩෝරා පත්රිකා තුළින් අණාවරණය කර තිබේ.
හිටපු හා වත්මන් නායකයින් 35ක්, රාජ්ය නිලධාරීන් 300කගේ පමණ ලේඛණ මෙහිදි අණාවරණය කර තිබේ.
මේ අනුව ජොර්දාන් රජුට අයත් යුරෝ මිලියන 70ක ඇමෙරිකාවේ හා එංගනත්යේ දේපළ,
හිටපු එංගලන්ත අගමැති ටෝනි බ්ලෙයාර් හා ඔහුගේ බිරිඳ ඔවුන්ගේ ලන්ඩන් කාර්යාලය මිලදී ගැනීමේදි මුද්දර ගාස්තු වශයෙන් පවුම් 312000ක් ඉතිරි කර ගැනීම,
රුසියානු ජනපතිගේ මොනාගේ රහස්ය වත්කම්,
චෙක් රාජ්ය අගමැතිගේ ප්රංශයේ පවතින පවුම් මිලියන 12ක වත්කම්,
කෙන්යා ජනපති උහුරු කෙන්යාටාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අයත් පිටරට වත්කම්.
පාකිස්තාන ජනපති ඉම්රාන් ඛාන්ගේ ඉදිරිපෙළ සාමාජිකයන් හා කැබිනට් මන්ඩල සාමාජිකයන් අයත් වත්කම්,
ඇතුළු විවිධ වත්කම් හා ගනුදෙනු මේ අයුරින් හෙළිකර තිබේ.