රටේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි සිල්වා ගායිකාව ඇගයීමට මෙන්ම ගෞරවය පුද කිරීමට රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවත් විශය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ක්‍රියාත්මක කරන බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවේන් අද (04දා) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.