විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු රක්වාන ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්රි රෝද රථයකින් ගිනි අවියක් ප්රවාහනය කරන බවට රක්වාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ක්ෂණික මාර්ග බාධක යොදා වැටලීමක් සිදු කෙරුණා.
එහිදී කළ පරීක්ෂාවේ දී විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්රීය රිවෝල්වරයක් සහ පතොරම් තුනක් සොයා ගැණුනා.
සැකකරුවන් හතර දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ඔවුන් ප්රකාශ කර ඇත්තේ එය මුදලට ලබා ගත් බවයි. ගිනි අවිය විකුණු සැකකරුද පොලිසිය අත්අඩංගුවට ගත්තා.