සුවසැරියට නව ගිලන් රථ 100ක්
- 10 11 2026
- 20:27
- {{hitsCtrl.values.hits}} views
- ..
1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් සැපයීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සුවසැරිය හරහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැය 24 පුරා නොමිලේ සේවා සපයන අතර, දිනකට රෝගීන් ප්‍රවාහන අවස්ථාවන් 1,000 - 1,200 ක ප්‍රමාණයක් සිදු කිරීම සිදු වේ. මෙම ගිලන් රථ වාර්ෂිකව මිලියන 9 ක පමණ දුරක් ධාවනයේ යෙදෙන අතර ගිලන් රථ සමූහයට අයත් ගිලන් රථ 322 කාර්මික දෝෂ ඇති වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් ලබාගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.