දේශීය සාම්ප්‍රදායික ඖෂධ පිළිබද ඉල්ලුමක් පවතින බවත්,විදේශ විනිමය ලබාගැනීමට වැඩපිළිවෙලක් වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යංශය ගමන් කරන බවත්, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට ලබන 31 වන දින දක්වා අත්හිටුවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read More’’බොහෝ ආසාදිත අවස්ථා තිබෙනවා. ඒවායේ මූලාරම්භය අපට පැහැදිලි නැහැ. දැන් අගුලු දැමුවොත් අපට ආරක්ෂිතව එළියට පැමිණිය හැකියි.’’ වික්ටෝරියා ප්‍රාන්තයේ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසීය.
Read Moreපාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරිම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවුදෙනෙකු ලබන 17 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් දත්ත පිළිබඳව අවධානය යොමුකිරීමේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් අවම වශයෙන් පුද්ගල මරණ 1200ක් ඉදිරි දින 20 තුළ වළක්වාගැනීමට හැකිවන බව රජරට විශ්වවිද්‍යාලමේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.
Read Moreචීනය මේ වන විට ලාඕසයට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ.
Read Moreමේ මොහොතේ කළ යුත්තේ රට වැසීම ගැන නොව රට නොවැසෙන තැනට වැඩ කිරීම බවත් එය සෑම පුරවැසියෙකුගේම වගකීම බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.
Read Moreසායනික පරීක්ෂණවලින් තහවුරු නොවීම නිසා අතිරේක ආහාර පානයක් ලෙස ධම්මික පැණියට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කළ බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පවසා සිටියි.
Read Moreතමන් ගෞරවණීය, සරල හා අප්‍රකට ජීවිතකයක් ගත කිරීමට දැඩි ලෙස උත්සාහ දරා ඇති බවත් තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඇතුළු සියලුම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුතණුවන් වන විමුක්ති කුමාරතුංග පවසයි.
Read Moreඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2922 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළේය.
Read Moreඅය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියා සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් ත්‍රිවිධ හමුදාව විවේචනය කිරීමක් හෝ යුධ හමුදාවේ කාර්යභාරය ගැන කතා නොකළ බවත් ඔහුගේ ප්‍රකාශය වැරදි ලෙස අවබෝධ කරගෙන යුධ හමුදාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය ගැන තමා කණගාටුවන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreරජය බදු ඉවත් කළද එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටියි. ලබන නොවැම්බර් දක්වා හෝ රුපියල් 200 ක මිල වැඩිවීමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ආනයනකරුවන්ගේ සංගමයේ කමිටු සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කර සිටියේය.
Read Moreදුම්රිය සේවා භාවිත කල හැක්කේ රාජකාරි හැඳුනුම්පත හෝ අවසර පතක් හිමි පිරිසට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read Moreශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවට අයත් නුගේගොඩ මහජන පුස්තකාලයේ සේවයේ නියුතුව සිට දින පනහකට පෙර අතුරුදන් වූ , පුස්තකාල සහායිකාව සොයා ගැනීමට වැලිකඩ පොලීසිය මහජන සහය පතයි.
Read MorePCR සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සම්බන්ධයෙන් උපරිම මිල නියම කරමින් හෙට දිනයේදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියි.
Read Moreපොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
Read Moreමහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා උපත්, මරණ හා විවාහ සහතික නිකුත් කිරීම මාර්ගගත ක්‍රමයට ආරම්භ කළ බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඊයේ (10දා) රාත්‍රී 9.15 ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසළදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමත් සමඟම එහි රියදුරු වෑන් රථයෙන් පිටතට පැන දිවි බේරා ගෙන ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.
Read Moreශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් හා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක්‍රීඩකයින් 10 දෙනෙකුට අහිමි වී තිබේ.
Read Moreමෙහිදී ප්‍රධාන වශයෙන්ම දැනට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා දේවිවන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඇය වෙනුවට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියමිත බවද ඩේලි මිරර් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
Read Moreඑන්නත්කරණය සඳහා යොදවා ඇත්තේ යුද හමුදා වෛද්‍ය බලකායේ පුහුණුව ලත් යුද හමුදා භට පිරිස් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර සිටියි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 81,082 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (11)උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 2000 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
Read Moreපසුගිය මාසයක කාලය තුළදී කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිත මරණ 69 ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණි තරුණයෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර ඇත.
Read Moreරට තුළ රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.
Read Moreළමුන් අතර රෝගය පැතිර යෑම පසුගිය සතියේ වේගවත්ව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයක් වන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් පැවැසූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 68 කොවිඩ් වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු එම වාට්ටුවෙන් ඊයේ (10) දින පැනගොස් ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ 138 දෙනෙකු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.
Read Moreමෙතෙක් කොවිඩ් 19 කිසිම එන්නතක් නොගත් බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි ජනතාව වෙනුවෙන් තෙදින එන්නත්කරණය අද (11දා) සිට ආරම්භ කෙරෙයි.
Read More