මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට තවදුරටත් පවතින අධික වර්ෂාවත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03 අඟල් 04 බැගින් අද (12) ප.ව. 04.00 ට පමණ විවෘත කළ බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යන නිසා ගඟ දෙපස පදිංචිකරුවන් හා ගඟේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය දන්වා සිටී.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති මාවුස්සාකැලේ ජලාශයේ වපසරිය අක්කර අඩි 95400 ක් පමණ වේ.
කැනියෝන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන හා පොල්පිටිය යන ජලවිදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙනෙකි.
මේ වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්නව පවති.