ආණ්ඩුව මෙවර ඉදිරිපත් කළ අයවැය ජනතාවට හීන් දාඩිය සමග කලන්තය දමන අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.
එය පීඩාවට පත්ව ඇති ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ දමා ඇති අයවැයක් බවත් හෙතෙම කීවේය.
මෙවර අයවැය මගින් ණය කන්දක් ජනතාවගේ හිසමතට පහත් කර ඇති බවත් කී හේරත් මහතා ඒ මගින් ජනතාව තව තවත් අමාරුවේ දමා ඇති බවටත් චෝදනා කළේය.
අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා හෝ විශේෂ සැලකිල්ලක් මෙම අයවැය මගින් ලබාදී නැති බවත් ඉතිහාසයේ මෙන්ම මෙවර ද බදු ගැසීම සහ ණය ගැනීම අයවැයේ ප්‍රමුඛතාවය වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.