saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 6560 hours ago

LATEST

රට නොවැසෙන තැනට වැඩ කරමු

calendar_today 2021 අගෝ 11 - 17:58 remove_red_eye - 743  

මේ මොහොතේ කළ යුත්තේ රට වැසීම ගැන නොව රට නොවැසෙන තැනට වැඩ කිරීම බවත් එය සෑම පුරවැසියෙකුගේම වගකීම බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

සායනික පරීක්ෂණවලින් තහවුරු නොවීම නිසා අතිරේක ආහාර පානයක් ලෙස ධම්මික පැණියට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කළ බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පවසා සිටියි.

Read More

තමන් ගෞරවණීය, සරල හා අප්‍රකට ජීවිතකයක් ගත කිරීමට දැඩි ලෙස උත්සාහ දරා ඇති බවත් තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඇතුළු සියලුම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුතණුවන් වන විමුක්ති කුමාරතුංග පවසයි.

Read More

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2922 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළේය.

Read More

අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියා සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් ත්‍රිවිධ හමුදාව විවේචනය කිරීමක් හෝ යුධ හමුදාවේ කාර්යභාරය ගැන කතා නොකළ බවත් ඔහුගේ ප්‍රකාශය වැරදි ලෙස අවබෝධ කරගෙන යුධ හමුදාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය ගැන තමා කණගාටුවන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

රජය බදු ඉවත් කළද එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටියි. ලබන නොවැම්බර් දක්වා හෝ රුපියල් 200 ක මිල වැඩිවීමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ආනයනකරුවන්ගේ සංගමයේ කමිටු සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කර සිටියේ​ය.

Read More

දුම්රිය සේවා භාවිත කල හැක්කේ රාජකාරි හැඳුනුම්පත හෝ අවසර පතක් හිමි පිරිසට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

Read More

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවට අයත් නුගේගොඩ මහජන පුස්තකාලයේ සේවයේ නියුතුව සිට දින පනහකට පෙර අතුරුදන් වූ , පුස්තකාල සහායිකාව සොයා ගැනීමට වැලිකඩ පොලීසිය මහජන සහය පතයි.

Read More

PCR සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සම්බන්ධයෙන් උපරිම මිල නියම කරමින් හෙට දිනයේදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියි.

Read More

පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

Read More

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා උපත්, මරණ හා විවාහ සහතික නිකුත් කිරීම මාර්ගගත ක්‍රමයට ආරම්භ කළ බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඊයේ (10දා) රාත්‍රී 9.15 ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසළදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමත් සමඟම එහි රියදුරු වෑන් රථයෙන් පිටතට පැන දිවි බේරා ගෙන ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.

Read More

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් හා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක්‍රීඩකයින් 10 දෙනෙකුට අහිමි වී ති​බේ.

Read More

මෙහිදී ප්‍රධාන වශයෙන්ම දැනට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා දේවිවන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඇය වෙනුවට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියමිත බවද ඩේලි මිරර් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

Read More

එන්නත්කරණය සඳහා යොදවා ඇත්තේ යුද හමුදා වෛද්‍ය බලකායේ පුහුණුව ලත් යුද හමුදා භට පිරිස් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර සිටියි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 81,082 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (11)උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 2000 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

Read More

පසුගිය මාසයක කාලය තුළදී කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිත මරණ 69 ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණි තරුණයෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර ඇත.

Read More

රට තුළ රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

Read More

ළමුන් අතර රෝගය පැතිර යෑම පසුගිය සතියේ වේගවත්ව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයක් වන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් පැවැසූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 68 කොවිඩ් වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු එම වාට්ටුවෙන් ඊයේ (10) දින පැනගොස් ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ 138 දෙනෙකු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

Read More

මෙතෙක් කොවිඩ් 19 කිසිම එන්නතක් නොගත් බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි ජනතාව වෙනුවෙන් තෙදින එන්නත්කරණය අද (11දා) සිට ආරම්භ කෙරෙයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳන ලෙස බලකරමින් ඔන්යින් ඉගැන්විම් කටයුතු වලින් ගුරු සංගම් ඉවත් වි සිදු කළ ක්‍රියාමාර්ගයට අදට මාසයක් ගත වි තිබේ

Read More

බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යමස සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මි.මී 100 ඉක්මවු වැසි ඇති වේ.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නතේ තවත් මාත්‍රා 15,000 ක් අද දින අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .

Read More

චීනය වෙනත් රටවලට ලබා දී ඇති එන්නත් මාත්‍රාවන් චීනය තුළ දේශීයව පරිපාලනය කර ඇති මාත්‍රාවන්ගෙන් 45%කටත් වඩා වැඩි බවද කියයි.

Read More

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.