වර්තමානයේ රට මුහුණ දී ඇති සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයන්ට විසඳුම් සෙවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ නව ජාතික සැලැස්මක් එළි දැක්වීමට තීරණය කර ඇත.
එහිදී විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන්, වෘත්තිය සමිති නියෝජිතයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු සියලූ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අදහස් ලබා ගැනීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
අධ්‍යාපනය, ආර්ථිකය, නීතිය, සෞඛ්‍යය, කෘෂිකර්මය ආදී සෑම ක්ෂේත්රයකම වෙනස්කම් රැසක් සිදු කිරීමට ඇති බවත් ණය කළමනාකරණය, සංවර්ධන ව්‍යාපෘතීන් නැවත තක්සේරුව කඩිනමින් කළ යුතු දෑ බවත් හෙතෙම කීවේය.