අහසට වෙඩි තැබීම වාර්තා නොකළ SIට විනය පරීක්ෂණයක්
කඩවතදී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීම වෙනුවෙන් අහසට වෙඩි තැබීමක් සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව විනය පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
පෙරේදා දිනයේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ. මෙම තුවාල ලැබූ පුද්ගලයාට පහරදුන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදි ඔහුගේ ඥාතීන් හා අසල්වැසියන් එක්ව එම අවස්ථාවේදි පොලිස් නිලධාරින්ට විරෝධයක් එල්ල කර තිබේ.
මෙහිදී ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් උප පොලිස් පරීක්ෂකවරයා අහසට වෙඩි තැබීමක් සිදුකර තිබේ. අනතුරුව සැකකරු පොලිස් ස්ථානයට රැගෙන විත් ඇතත් අහසට වෙඩි තැබීම පිළිබඳව පොලිස් නිලධාරියා විසින් වාර්තා කර නොතිබුණ.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරියා ක්‍රියා කර ඇති ආකාරය නිවැරදි වුවත් අහසට වෙඩි තැබීම වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භකර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Rocky Sunday, 24 October 2021 12:31 AM
Seka karuwaata wedi thabuwaa nam prashnayak nehe. Ehemada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

