බැංකු ගිණුමේ චෝදනාව PB යළිත් ප්‍රතික්ෂේප කරයි
ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්රවෘත්ති සාවද්‍ය බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පවසයි.
එම ප්රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගතව නිර්මාණය කළ ඒවා බවත් රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම අදාළ බැංකුව සහ ගිණුමේ හිමිකරු අතර කාර්යභාරයක් බවත් එහිදි නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමක් බවද ජනපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හුවා දක්වමින් තමා ඉලක්කකොට සැලසුම් සහගතව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දැනටමත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.