saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6522 hours ago

LATEST

අදත් ප්‍රදේශ රැසකට වැසි

calendar_today 2021 අගෝ 22 - 07:04 remove_red_eye - 195  

අද (22) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා දෙවැනි එන්නත් මාත්‍රාවෙන් මාස 6කට පසුව බූස්ටර් මාත්‍රාවක් ලබාදීම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රමයක් ලෙස පෙනෙන්නේ යැයි චීනයේ වසංගත රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා පවසයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඒ තවත් ආසාදිතයන් 1099ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛයාව 385696ක් දක්වා වර්ධනය විය.

Read More

නවතම අධිවේගී මාර්ගය තණබිම්, හිම කඳු සහ තෙත්බිම් හරහා ගමන් කරන අතර, යංබාජයින් භූතාප උණුදිය උල්පත සහ නම්ට්සෝ විල වැනි මනස්කාන්ත දර්ශනීය ස්ථාන සම්බන්ධ කරමින් ගමන් කරයි.

Read More

ඇදිරි නීති සමයේ කිසිදු ගෑස් හිගයක් ඇති වීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

ඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ.

Read More

කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීමට අසමත්වීමද හිටපු අගමැති මුහයිඩින්ට බලයෙන් ඉවත්ව යෑමට හේතු වූ අතර, දිවුරුම් දුන් නව අගමැති ඉස්මයිල් සබ්රි යාකොබ් 2018 මැතිවරණයෙන් පසුව මැලේසියාවේ අගමැති ධුරයට පත් තුන් වැන්නාය.

Read More

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රටක් දුෂ්කරතාව පත් හැම අවස්ථාවෙදීම ජාතියක් ලෙස එම රටේ ජනතාවට කැපකිරීම් කිරීමට සිදු වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.

Read More

මාධ්‍ය සාකච්ඡාවකදී අගමැති මොරිසන් පැවසුවේ, ’’ඔබට සදහටම අගුලු දැමීම් තුළ ජීවත් විය නොහැකි බව අප දන්නවා. යම් අවස්ථාවක එම ගියර් මාරු කිරීම අවශ්‍ය වෙනවා. නමුත් එය සිදුවන්නේ 70%ක සාර්ථකත්වයකින් පසුවයි.’’ යනුවෙනි.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝ චී මිං නගරයේ පොරකෑ මිනිසුන් පැවසුවේ රට අගුලු දැමීමේ නිවේදනයෙන් පසුව ඔවුන් මෙසේ ඒකරාශී වූයේ කොරෝනා වෛරසයෙන් මියයාමට පෙර කුස ගින්නෙන් මිය යාමට අවශ්‍ය නොවන නිසා බවයි.

Read More

රට වසා තැබීමට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජනතාව මහා මාර්ගවලට බැස විරෝධතා පවත්වමින් සිටියි. මෙල්බරන් හා සිඩ්නි නගරවල විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියා පොලීසිය කටයුතු කර තිබේ.

Read More

මෙරට අවසාන ඉන්ධන මිල සංශෝධනය කරනු ලබන අවස්ථාවේ ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල හා අද වන විට ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල සංසන්දනය කිරීමේදී ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 8.77 ක අඩුවීමක් වාර්තා කරයි. එසේ අඩුවූ ප්‍රතිශතය ආසන්න වශයෙන් 12% කි.

Read More

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කත්තක් මහතා අද (21) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.

Read More

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

Read More

මේ වසරේ මහ කන්නය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 3600 ක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කිරීමට අපේක්‍ෂා කෙරේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යන ආකරය පිළිබදව එම අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ව​න දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.

Read More

නිරෝධායන කාලසීමාව තු​ළ තම සේවා සැපයීම සඳහා පිටත්ව යා හැකි පිරිස් සහ සැපයිය හැකි සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (21) උදෑසන නිර්දේශ නිකුත් කර ති​බේ. මේ වනවිට තවත් නිර්දේශ 9ක් සෞඛ්‍ය අමාත්යංශය විසින් නිකුත් කර ඇත.

Read More

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි මහ පෙරහර අද (21) වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවෙන් ගතවූ දින 10ක කාලය තුළදී කොවිඩ් මරණ 1645ක් වාර්තා වී තිබේ. මෙය දින 10ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වෙයි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළෙඳුන්ට අවසර හිමිවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියි.

Read More

කොරෝනා තත්ත්වය හේතුවෙන් ඖෂධ ලබාගැනීමේ අපහසුතාව මත නිදන්ගත ස්නායු රෝග සහිත පුද්ගලයින් ඖෂධ භාවිතයෙන් ඉවත් නො විය යුතු බව ස්නායු රෝග විශේෂඥවරුන් සඳහන් කර සිටියි.

Read More

එදා වේල හරි හම්බකරගෙන කාපු මිනිස්සු කබලෙන් ලිපට වැටෙද්දි, අපි වගේ මහාපරිමාණ නිෂ්පාදන කරපු දේශීය ව්‍යවසායකයන්ගෙ ව්‍යාපාර පවා ගොඩාක් අඩපණ වෙලා. පෞද්ගලිකවම ගත්තොත්, මගේ බොහෝ ව්‍යාපාර වල අමුද්‍රව්‍ය හිඟකම නිසාම වෙනදාට සාපේක්ෂව නිෂ්පාදනය පිරිවැය පවා දෙගුණ වෙලා.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ජීවනෝපාය අහිමි පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් කඩිනමින් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ති​බේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අද (21දා) ගොවීන් එළවළු රැගෙන ආවද ඒවා මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් සියයට 90% ක් පමණ නොපැමිණීම නිසා අලෙවි නොවන තත්ත්වයක් උදා වී ඇතැයි ගොවීහු පවසති.

Read More

ඊයේ (20) දින රාත්‍රී 10 සිට සිට බලපැවැත්වෙන පරිදි අගෝස්තු 30 දින අලුයම 4.00 දක්වා රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාවන් හදිසි,අව්‍යාජ අවශ්‍යතා සහිත අය සඳහා පමණක් සීමා කර ඇත.

Read More

මෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 221,546 දෙනෙකුට ඊයේ එන්නත් ලබා දි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.