කළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වෛරසය ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරමින් දිඹුල බෝගහ වත්ත කෝවිලේ උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
Read Moreහිෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම් කර තිබේ.
Read Moreඅමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සදහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාම ලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි.
Read Moreදකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇත.
Read Moreකොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව ඉන්දියාවේ අදානි සමාගම පවසා සිටියි.
Read Moreබස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 757ක් සහ පුද්ගලයන් 1,509ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
Read Moreමෙරට සිදුවූ කොවිඩ් මරණවලින් බහුතරයකට හේතුව කොවිඩ් නියුමෝනියාව ඇතිවීමට පෙර සිදුවන පෙනහළු සංකූලතාවක් බවට කරුණු අනාවරණය වී ඇත.
Read Moreවැලිමඩ අඹගස්වැව පොලිස් වසමේ මැදහින්න ප්‍රදේශයේදි පොල්ලකින් පහර දි කාන්තාවක් ඝාතනය කිරිමේ සිද්ධියක් පිළිබදව පොලීසියට වාර්තා වි තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රීක්කය තුල දෛනික කොරෝනා ආසාදිතයින් අගය ශීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර ආසාදිතයින් 10,000 ඉක්මවද්දි මරණ 200 වාර්තා වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් දිසාපති කනපතිපිල්ලෙයි මහේෂණ් මහතා පැවසීය.
Read Moreවනිදු හසරංගට හා දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා දී නොමැති බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා සිටියි.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට දුරකතන ඇමතුමක් දී තර්ජනය කළ පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (22දා) මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, බන්ධනාගාර වෛද්‍යවරයෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳව සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.
Read Moreකොවිඩ් ආසාදනය වූ තවත් 4282 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.
Read Moreනුවරඑලිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසිය.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ මස සිය මන්ත්‍රී වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කර තිබේ. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර ඇත.
Read Moreඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන අද (22දා) මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්දු විය.
Read Moreපෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි.
Read Moreනොච්චියාගම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්කුඩු මිලිග්‍රෑම් දෙසියක් සමඟ දුණුදඹුවැවදි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.
Read Moreගතවු පැය 24ක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 302 ක් හමුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවක් (MUTATION ) හඳුනාගෙන තිබේ. මේ අනුව ඩෙල්ටා ප්‍ර භේදයෙන් හඳුනාගෙන ඇති ජාන විකෘතිතා ගණන 4කි.
Read Moreඅද (23) දිනයේ ත් දිස්ත්‍රික්ක 19 ක මධ්‍යස්ථාන 124 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව අද (23) සිට ලබාදීමට නියමිතව ඇත.
Read Moreගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.
Read MoreInvitational T20 League අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට Greys කණ්ඩායම හා Reds කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් Greens කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 114 ක් ලබා ගැනීමට සමත් විය.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් 502 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සදහා ඇමෙරිකානු ෆයිසර් එන්නත් තවත් මාත්‍රා 80,000 ක පමණ ප්‍රමාණයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත , කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් විසින් රැගෙන විත් ඇති බව , එහි කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreබරපතල රෝගාතුරවීම් හා රෝහල් ගතවීම් සම්බන්ධයෙන් කොවිඩ්-19 බූස්ටර් මාත්‍රාවෙන් දින 10කට පසු වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා පස් ගුණයකින් හෝ හය ගුණයකින් වැඩි ආරක්ෂාවක් ලබාදෙන බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,172 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනය තුළ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,282 ක් වන අතර, දිනක් තුළ මෙරට ආසාදිතයින් 4,000 ඉක්මවු ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
Read More