උතුරු පළාතේ ගෙවී ගිය දින කිහිපය තුලදී බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 96 කට අයත් පුද්ගලයින් 366 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කලමනාකරන ඒකකය පවසයි.
අධික වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්රීක්කයට වන අතර එහි කයිට්ස්, තෙලිප්පලෙයි, පේදුරුතුඩුව සහ චංකානෙයි හි පවුල් 54 කට අයත් පුද්ගලයින් 209 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස 05 කටද හානි සිදුව ඇත.
එමෙන්ම මන්නාරමේ නගරයේ, නානාට්ටාන් සහ මාන්තෙයි බටහිර පවුල් 40 කට අයත් පුද්ගලයින් 152 ක් සහ මුලතිව් දිස්ත්රීක්ක තුනුක්කායිහි පවුල් දකකට අයත් පුද්ගලයින් පස් දෙනෙකුද පීඩාවන්ට පත්ව ඇත.
මේ අතර පවතින් අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දිස්ත්රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇති අතර පීඩාවන්ට පත් වැසියන්ට සහන සැලසීමටදපියවර ගෙන ඇතැයිද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.