ආගම්වාදි ගැටුමකට ආණ්ඩුව බිජ වපුරනවා
ආණ්ඩුව මෙරට තවත් ආගම්වාදී ගැටුමක් ඇති කිරීම සඳහා අවශ්‍ය බීජ වපුරවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (03) රජයට චෝදනා කළේය.
ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටපත් කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ වෙනුවෙන් කතෝලික – බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කීවේය.
විජිත හේරත් මහතා ඊයේ එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ජන මනස අවුල් කර සමාජය නැවත ජාතිවාදී, ආගම්වාදී බෙදීම්වලට ලක්කරන උත්සාහ පරාජයට පත් කළ යුතු බවත් කී විජිත හේරත් මහතා ජාතිවාදී උගුල්වලට ගොදුරු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවේචනය කළ සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගෙන ක්රමානුකූල ගැටුමක් ඇති කිරීමට කටයුතු කරන ආණ්ඩුව එක රටක් එක නීතියක් සඳහා වූ කාර්ය සාධන බලකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කර තවත් ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවටත් හෙතෙම චෝදනා කළේය.
popular news
-
Deepal Nirosh Friday, 05 November 2021 03:04 AM
එදා බෞද්ධ නාහිමිවරු දිගින් දිගට අත්අඩංගුවට ගනිද්දි ඇටිකෙහෙල් කෑ මේ උගුඩුවො මොකද මේ හදිසියේම අවදි වෙලා??? ඔය පියතුමා හෝ කවුරුන් හෝ පාස්කු ප්‍රහාරය ගැන නිශ්චිත තොරතුරක් දන්නව නම් පුළුවන්නෙ ඒ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න. පුළුවන් නම් උන් වහන්සේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න සහාය දෙන්න බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

