saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6489 hours ago

LATEST

පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම වැටුප ඉහළ​ට

calendar_today 2021 අගෝ 28 - 11:23 remove_red_eye - 2945  

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප හා අවම දෛනික වැටුප ඉහළ දමමින් කම්කරු කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

චීනයේ මහජන විමුක්ති හමුදාව මගින් ශ්‍රි ලංකා ආරක්ෂක අංශ වෙත පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් අද දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

Read More

කොළඹ නගරය තුල සීඝ්‍රවශයෙන් ඩෙල්ටා නව ප්‍රභේදය ව්‍යාප්ත වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවතම අනුක්‍රමික දත්ත වලින් පෙන්නුම් කෙරෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (27) දින රාත්‍රියේ සිට විටන් විට තද වැසි සමග තද වැසි සමග අධික සුලං තත්ත්වයක් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගන්නා ලද 38,000ගෙන් බහුතරයක් මාස අටක කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක ස්ථාපිත නොකර මසකට රුපියල් දාහතර දහස බැගින් වැටුප් ගෙවන බවට වාර්තා වන බව ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.

Read More

කොළඹ මේ වන විට පැතිර යමින් පවතින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය බවත් එය සියයට 100ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රෝගීන් 249 කු ඊයේ (27) දිනට හමුව ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 667ක් සහ වාහ​න 63ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසා සිටියි.

Read More

අද (28) සහ හෙට (29) සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කර සිටියි. තොග වෙළඳාම සඳහා පමණක් මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Read More

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

චීනයේ නිෂ්පාදිත ’’සයිනොෆාම්’’එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

ප්‍රසංගයට සහභාගී වීමට පෙර එන්නත ලබාගත් බවට සාක්ෂි සහ PCR පරීක්ෂණයක්ද සිදුකළ යුතු අතර, මුඛ ආවරණ පැලඳ ප්‍රසංගයට සහභාගී වීය යුතුය. එසේම ප්‍රසංගයෙන් දින 8කට පසුව නැවත PCR පරීක්ෂණයක් සිදුකළ යුතුය. මෙම පරීක්ෂණයේ මූලික ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය.

Read More

ලියාපදිංචි මෝල් හිමියන් හා ගොවීන් නොවන වී තොග රැස්කරන අතරමැදි ජාවාරම්කරුවන් සොයා දින තුනක් පුරා පොළොන්නරුව ,අනුරාධපුරය ,අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද වැටලීම් වලදී වී කිලෝ ලක්ෂ 150 කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරියේ බාරයට ගෙන ඇත.

Read More

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. ඉදිරි සතිය තුළ දැනට ඇති මිල වැඩිවීම අඩු කිරීමට පියවර ගන්නා බවත් මේ අවස්ථාවේ සීනි සඳහා පාලන මිලක් නොමැති නිසා වැටලීම් කිරීමට හැකියාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ​ය.

Read More

මෑත වසංගතයට පෙර චීනයේ මහා එන්නත් වැඩසටහන ක්‍රියාත්මක නොවූයේ නම් ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩි ආසාදනයක් සහ වඩාත් දරුණු අවස්ථා ඇතිවීමේ අවදානමක් පැවති බව චීන රාජ්‍ය මන්ත්‍රණ සභා ඒකාබද්ධ වැළැක්වීමේ සහ පාලන යාන්ත්‍රණය යටතේ ඇති එන්නත් සංවර්ධන ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධානියා පවසයි.

Read More

ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍214 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 58 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත් වෙයි.

Read More

ඇමතිවරුන් සිය වැටුප පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුවද තමාට එසේ සිදු කිරීමට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසා සිටියි.

Read More

දත්තවලින් පෙනී ගියේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිතයන් බවට පත්වන එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් හෝ එන්නත් නොකළ පුද්ගලයන් කලින් පැවති ප්‍රභේදයන්ට සාපේක්ෂව රෝහල්ගත වීමට ඇති ඉඩකඩ දෙගුණ වී ඇති බවයි. එමෙන්ම ඔවුන්ට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වීම 1.5 ගුණයක් වැඩි බවද බ්‍රිතාන්‍යයේදී සිදුකළ නවතම අධ්‍යයනය අනාවරණය කරයි.

Read More

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදිත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වයස අවුරුදු 60 ඉක්මවූ සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පසුගිය සතිය තුළදී කොවිඩ්-19 රෝගීන් 500කට අධික සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පැයකට රෝහල්වලට ඇතුළත් කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්ත පෙන්වා දෙයි.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ මාමණ්ඩිය ව ඇප මත මුදාහරින්නැයි කෙරුණු ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

Read More

කොවිඩ් මර්ධනය​ට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබාදෙන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කර සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය ලොව ප්‍රථම වරට මුවන් තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ඇති අතර, මේ සමග වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ සතුන්ගේ ලැයිස්තුව පුළුල් කර තිබේ.

Read More

සතොස හරහා අඩු මිලට සීනි ලබා දීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

Read More

ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා යන දින දෙකේදී තොග වෙළෙදාම සඳහා විවෘතව පවතිනවා.

Read More

නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ඇඳිරි නීති බලපත් අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රට වසා දැමුවද ජනතාව තමන්ගේ වගකීම ඉටු නොකරනේ නම් ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට හැකියාවක් නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

Read More

බන්ධනාගාර ගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත දැනට ලබාදි ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.