දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි විමක් ඉදිරි දින කිහිපයේදි තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා තුන්වෙනි රැල්ලේ දී හඳුනාගනු ලැබූ කොවිඩ් delta ප්‍රභේදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාභාදයට ලක්වන කොවිඩ් රෝගීන් වාර්ථා වීමේ ප්‍රවණතාවයක් ඇති බවත් එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසිදෙනෙකුට පමන පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ ජ්‍යෙශ්ඨ හෘද ශල්‍ය වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා(27) පැවසීය.
Read Moreපාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ (25) සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හා අම්පාර, අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ අතරමැදි වී තොග ගබඩා වැටලීමේ හා මුද්‍රා තැබීමේ කටයුතු සිදු කරමින් පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreනව පරපුරේ සංගීතඥයෙකු වන ඉරාජ් වීරරත්තනට තමන් පහරදුන් බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළවන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreමෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සැපයීම රජයට උපරිමයෙන් කළහැකි බැවින් එවැනි ආයෝජකයින් යොදා ගනිමින් කඩිනමින් මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කර තිබේ.
Read Moreකොවිඩ් යනු බියවිය යුතු රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසා සිටියි.
Read More2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා සිටියි.
Read Moreසෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව පෙනෙන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
Read Moreකොවිඩ් 19 අසාධනයට ලක්ව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා දින දෙකකට පෙර නිවසට ගොස් සිටි පුද්ගලයෙකුට අද (26) හා කැස්ස ගතියක් ඇතිවී බදුල්ල මහරෝහලට රැගෙන එමින් සිටියදී ත්‍රිරෝද රථය තුළදීම මරණයට පත්ව ඇතැයි බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
Read Moreපාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
Read Moreකොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කර සිටියි.
Read Moreපොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් මාතර හා ගන්දර ප්‍රදේශ වල ගල් වැඩපොළවල් මුවාවෙන් අධි බලති පුපුරන ද්‍රව්‍ය රැස්කරගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් එම පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read More“කොවැක්ස්” වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ මෙරටට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමක් සිදු කෙරිණි.
Read Moreකොරෝනා ව්‍යාප්තියත් එක්ක ජීවනෝපාය අහිමි වුණ ජනතාව සදහා රුපියල් දෙදහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළේ එම පිරිසට අවශ්‍ය සහාය ලබාදීම සදහායි.
Read Moreඑන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා තිබේ.
Read Moreඋතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ කාර්ය මණ්ඩලයේ 132දෙනකුට කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය තිළිණ ධර්මසිරි මහතා පවසයි.
Read Moreපරිසර අමාත්‍යාංශය 2021- 2030 දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 239650කට ඊයේ දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 15,548 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 93,434 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේය.
Read Moreතමන්ට මුළු වැටුපම කොවිඩ් වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැකි නමුත් එම වැටුපෙන් සියයට 50ක් පරිත්‍යාග කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreපවත්නා කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ රටේ නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුන ද නුවරඑළිය ගොවි ජනතාවගේ නිෂ්පාදන බාධාවකින් තොරව රට පුරා බෙදාහැරීම සඳහා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මගින් වැඩපිළිවෙලක් සකසා ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට (27) ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.
Read Moreඅද (26) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 438 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreවයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreසියලු ආර්ථීක මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින යළි විවෘත කිරිමට තීරණය කර තිබේ. තොග වෙළදාම වෙනුවෙන් පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං පොදු වෙළඳපොළ එම දිනවල විවෘත කෙරෙයි.
Read Moreතණමල්විල ප්‍රදේශයේ හටගත් භූකම්පන තත්ත්වය ගොඩබිම තුල සිදුවු කම්පන තත්ත්වයක් නොවන බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 581 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසා සිටියි.
Read Moreබස්නාහිර, සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට, මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreනව කොරෝනා වෛරසය මූලාරම්භ කතාවේදී විද්‍යාගාර කාන්දු උපකල්පනය බැහැර නොකළ යුතු බවට එක්සත් ජනපදය අවධාරනය කරන්නේ නම්, ඔවුන් ආදර්ශයක් ලබා දෙමින්, එරට ෆෝර්ට් ඩෙට්රික් සහ උතුරු කැරොලිනා විද්‍යාගාර පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ආරාධනා කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
Read More