සෝමාවතිය පුදබිමේ ඓතිහාසිකත්වයට මුල්තැන දෙමින් නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් එහි ඉදිකරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ඓතිහාසික සෝමාවතිය පුදබිම දෙස් විදෙස් බොහෝ බෞද්ධයන්ගේ ගෞරවයට පාත්රවී තිබෙනවා.
මෙම ස්ථානයේ ඇති ඓතිහාසිකත්වයට මුල්තැන දෙමින් පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය පිහිටුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
එම පර්යේෂණ ආයතනය පිහිටුවීමේ මූලික කටයුතුවලට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වුණා.
ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 25ක මුදලක් වැය කෙරෙනවා.