saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6965 hours ago

LATEST

මහනුවර අධිවේගී මාර්ගයේ කොටසක් ළඟදීම ජනතා අයිතියට

calendar_today 2021 නොවැ 20 - 10:22 remove_red_eye - 996  

මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.

එන්නත්කරණ වැඩසටහන යටතේ ලංකාව ඉදිරියෙන් සිටින බවත් මෙරට ජනතාවගෙන් 75% කට අධික ප්‍රමාණයකට එන්නත් දෙකම ලබා දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

එංගලන්තයේ ලන්ඩන් නුවර බේක්ස්ලීහීත් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

Read More

පැරණි තුරඟ තරග පිටියේ ස්ථාපිත හෝටලයක් තුළ පිපිරීමක් සමග ගින්නක් ඇතිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

ඉන්දියාව තුළ ගොවීන් සිය ජීවනෝපායට නීති බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව කනස්සල්ලට පත්ව වසරක් පුරා වීදි බසිමින් පැවැත්වූ විරෝධතාවලට එකඟ වන බව පවසමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම තීරණයට එයි.

Read More

දිවයිනේ ස්ථාන දෙකෙකදී ඊයේ දිනයේදී දුම්රියේ ගැටී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More
ආයෙත් වැස්ස
20 11 2021 07:22:00
0 384

අද දිනයේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අගුලු දැමීම යන්නෙන් අදහස් කරන්නේ රැකියාවට යාම, අත්‍යවශ්‍ය දේ සඳහා සාප්පු යාම සහ ව්‍යායාම කිරීම වැනි අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් හැරුණු විට මිනිසුන්ට තවදුරටත් තම නිවෙස්වලින් පිටවීමට අවසර නොදීමයි.

Read More

ලෝක වෙළඳපොළේ රත්‍තරන් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන තවත් ගුවන් සේවාවක් වන විස්තාරා ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද (19දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය‍.

Read More

විරෝධතාකරුවන් විසින් ගිනිකෙළි දල්වමින් පොලිස් වෑන් රථවලටද ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර, පොලිස් රථයකටද ගිනි තබා ඇත. සමහර විරෝධතාකරුවන් ’’නිදහස ලබාදෙන්න’’ වැනි සටන් පාඨ කියමින් ගමන් කර තිබේ.

Read More

පාපන්දු අඩු පහසුකම් සහිත ක්‍රීඩාවකි. එම නිසා ග්‍රාමීය මට්ටමින් ඉතා පහසුවෙන් එය ප්‍රචලිත කළ හැකිය. ඒ සඳහා තම සම්මේලනයේ සහාය ලබා දෙන බවත්, කොළඹ හෝ ඊට ආසන්න ප්‍රදේශයක අංගසම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සහාය ලබා දෙන බවත් ඉන්ෆැන්ටිනෝ මහතා පැවසීය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා නම්කළ 22දෙනෙකුගෙන් යුත් සංචිතයට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ.

Read More

සැන්සිබාර් යනු ඉන්දියන් සාගරයේ පිහිටි ටැන්සානියාවේ අර්ධ ස්වයං පාලන දූපත් සමූහයකි. සංචාරක ව්‍යාපාරය සැන්සිබාර්හි විශාලතම ආර්ථික අංශය වන අතර දේශීය සමාජ ආර්ථික ස්ථාවරත්වය සඳහා එය අත්‍යවශ්‍ය වේ.

Read More

ත්‍රෛනිකායික අනුනායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නය විෂයෙහි “සඳහිරු සෑය” අභියස දී අද (19) දහවල් සංඝගත දක්ෂිණාවක් පැවැත්විණ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රමාණයට වඩා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇතැයි පවසමින් ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා කොවිඩ් මර්දන එන්නත් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් එරට සියලුම වැඩිහිටියන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදීමට අවසර ලබාදී තිබේ.

Read More

විශේෂ කාර්​ය බලකා කණ්ඩායමක් විසින් වත්තල පොලිස් වසමේ වත්තල, කල්‍යාණී පාර, රබීනා කම්පැණි ඉඩමේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියි.

Read More

කටුනායක 18 කණුව මංසන්ධිය ආසන්නයේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ශාක නීරෝධායන ආයතනය ඉදිරිපිට දී , කෘෂිකර්ම දෙපාර්තමේන්තු සේවකයින් , තම කෑම පැයේ දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

Read More

තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව​ට ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටියි.

Read More

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.

Read More

දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී ඩිවිලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් සාමාජිකයන් තමන් වෙත එල්ල කරන චෝදනා පිළිබඳව විවෘත සංවාදයකට පැමිණෙන ලෙස සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනාවක් කර තිබේ.

Read More

අහිතකර ජීවීන් අඩංගු චීන පොහොර තොගය අයත් චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝකරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

කොළඹ දී පවත්වන ලද තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 5 වැනි දකුණු ආසියානු සංසදයේ ප්‍රධාන දේශනය පැවැත්වූ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ 2021 වර්ෂයේ තිරසාර සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල වූ අභියෝග හමුවේ වුවද ගෝලීය ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන 07 කින් ඉදිරියට පැමිණ ඇති බවයි.

Read More

ලෝක පාපන්දු සම්මේලනයේ ( FIFA ) සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ මහතා අද (19දා) උදෑසන දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .ඔහු සමග ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

Read More

රජය විසින් අපේ රටේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලීම සඳහා මාස 10කට ලබාදුන් රුපියල් 10,000ක් වටිනා පෝෂණ මල්ල මාස 24ක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩ සටහන සඳහා රජය මෙතෙක් වැය කළේ රුපියල් මිලියන 4000ක්. මෙවර අයවැයෙන් එම මුදල රුපියල් මිලියන 5000 දක්වා තවත් මිලියන 1000කින් වැඩි කර තිබෙනවා.

Read More

අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොවිබිම් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්මය අමාත්‍යාංශ පවසයි.

Read More

විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් විසින් තංගල්ල පොලිස් වසමේ දී සිදුකරන ලද වැටලීමක දී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 41 ක් වන පුද්ගලයකු දංකැටිය, තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.