චීන පොහොර නැව හරවා යවන්නැයි ශාක නිරෝධායන ආයතනය විරෝධයක
කටුනායක 18 කණුව මංසන්ධිය ආසන්නයේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ශාක නීරෝධායන ආයතනය ඉදිරිපිට දී , කෘෂිකර්ම දෙපාර්තමේන්තු සේවකයින් තම කෑම පැයේ දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
දහවල් 12.00 සිට 01.00 දක්වා කාළය තුළ මෙම විරෝධතා ව්‍යාපාරය ඔවුන් විසින් පවත්වා ගෙන යනු ලැබීය. එක් ප්‍රධාන ඉල්ලීමක් සහ තවත් ඉල්ලීම් 04 ක් මුල් කරගනිමින් , මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කරන බව , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු , ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ කෘෂිකර්ම උපාධිධාරින්ගේ සංගමය සභාපති එම්.සී.ජයසිංහ මහතා පැවසීය.
ඒ අනුව දැනට මූලික නියැදි පරීක්ෂණ වලින් අසමත් වී තිබියදීත් , බලහත්කාරයෙන් වැරදි ලෙස ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමට තැත් කරන චීන කාබනික පොහොර නැව ආපසු හරවා යැවීම මොවුන්ගේ ප්‍රධානතම ඉල්ලීමයි.
ඊට අමතරව රජය විසින් හදිසියේම ඇති කළ කාබනික පොහොර භාවිතා කිරීම පිළිබඳ නව ප්‍රතිපත්තිය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්රමුඛ සහ කෘෂිකර්ම ක්ෂේත්රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නැවත සමාලෝචනය කිරීම , 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 1704 සහ 2021 ප්‍රමිති වලට අනුකූලව ශාකමය සහ සත්වමය ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සහ තුන්වන පාර්ශ්වයක් විසින් මෙම ආනයන පරික්ෂා කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම ,
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේශඥයින්ට බාහිර පාර්ශව සහ පුද්ගලයන් විසින් එල්ල කරන අසත්‍ය චෝදනා එල්ල කිරීම නැවැත්වීම ( පොහොර සමාගම් වලින් වැටුප් ලබන බවට ප්‍රකාශ කිරීම ) සහ කෘෂිකර්ම තාක්ෂණය පිළිබඳ දැනුමක් රහිත පුද්ගලයින් කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා මැදිහත්වීමට යන කරුණු වලට එරෙහිව රජය සහ ජනතාව දැනුවත් කිරීම සඳහා එම විරෝධතා ව්‍යාපාරය දියත් කළ බව , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු එම්.සී.ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන වෘත්තීය සමිති සාමාජිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.





popular news
-
al gamaya Friday, 19 November 2021 11:07 AM
Megolla hariyata test eka karala result eka dunnanam meka mechchara dura yanne naha. Dan thamange aduwa waha ganna picket karanawa.
Reply : 0 1
Rathnasiri Saturday, 20 November 2021 03:04 AM
This is Srilanka, Sinhalies , Always on the road for anything, never Standing
Reply : 0 0
කුපසා Saturday, 20 November 2021 06:00 AM
දැන් බයවෙලා. බොරු ටෙස්ට් කරල හොරේ එළිවෙන්න යන්නේ. නැවේ තියෙන බඩු ටෙස්ට් කර නැති බව හෙළිවී අවසන්. මේ අය මොකද නිතිය අතට අරන්? ඉන් දිය බඩු ගෙන්න අල්ලස් ගත්තා කියලා සැක මතුවෙනවා. තමන්ගේ ආයතනයේ බොරුවක් නැත්නම් මොකද උඩ පනින්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
