එන්නත්කරණ වැඩසටහන යටතේ ලංකාව ඉදිරියෙන් සිටින බවත් මෙරට ජනතාවගෙන් 75% කට අධික ප්‍රමාණයකට එන්නත් දෙකම ලබා දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (19) මහනුවරදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එන්නත්කරණයේ ඉහළ ප්‍රතිශතයක් පෙන්වන්නේ රටවල් කිහිපයක් පමණක් බව ද ශ්‍රී ලංකාවද ඒ සීමිත රටවල් අතරට අයත් වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
තුන්වැනි එන්නත් මාත්‍රාව සදහා දැනට එන්නත් මාත්‍රා මිලියන 2 ක් ඇති බවත්, ඉදිරියේදී තවත් එන්නත් මාත්‍රා මිලියන 15 කට ආසන්න ප්‍රමාණයක් ඇණවුම් කොට ඇති බවත් කී අමාත්‍යවරයා මෙම තුන්වැනි එන්නත් මාත්‍රාව 60 ට වැඩි ජේෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන බවත් අවශ්‍ය වුවොත් ඉදිරියේදී 30 ට වැඩි පිරිසටද තෙවැනි මාත්‍රාව ලබා දීම පිළිබද සලකා බලන බවද පැවසීය.
කොරෝනා රෝගය පාලනය කිරීම සදහා ගත යුතු සෑම ක්‍රියා මාර්ගයක්ම රජය ගනිමින් සිටින බව පැවසූඅමාත්යවරයා රෝගය පාලනය කිරීමේ වගකීම ඇත්තේ මහජනතාව මත බව ද වගකීම් විරහිතව ජනතාව කටයුතු කළහොත් නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීම වැලැක්විය නොහැකි බවත් ඔහු පෙන්වා දෙන ලදී.
පාසල් විවෘත කිරීමෙන් පසු අවශ්‍යතාවය අනුව සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව ඒ අනුව අවශ්‍ය නම් දවසක් හැර දවසක් හෝ කණ්ඩායම් වශයෙන් සිසු සිසුවියන් කැදවා ගැනීමට කටයුතු යෙදිය හැකි බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්